බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 9
එදා රෑ තෙරුවන් වන්දනාවෙන් පස්සෙ මට ආච්චිගෙන් එක් කාරණාවක් දැන ගන්ට ඕනෑ වුනා. ඉතින් මං ආච්චි ළඟට ගිහින් වාඩි වුනා. “ඇයි පුතේ.... මොකාක් හරි දැනගන්ට ඕනෑ උනාද?” “හා... ආච්චි දන්නවා එහෙනම් මං ආවේ ඇයි කියල? [...]
වත්මන් තාරුණ්‍යයට ඇති අනතුරු
අධික ලෞකිකත්වයට නැඹුරු වීම තුළ ඒ රටවල තරුණ සමාජය දේශපාලනයට යන එක, ආගමික ජාතික වටිනාකම් සඳහා පෙළ ගැසෙන එක නැවතෙයි කියලා ඒ බටහිර ජාතීන් හිතනවා. ඔවුන්ගේ අවශ්‍යතාවය ඒක. අධික කාම සේවනයට, විකෘති කාමයට, විකෘති රාගයට මේ තරුණ පිරිස් පොළඹවනවා.
මගෙ බුදු සමිඳු ආයුෂ අත්හළ සේක…!
නවම් පුර පසළොස්වක පොහෝ දිනයේ භාග්‍යවතුන් වහන්සේ චාපාල සෑයෙහි දී මනා සිහියෙන් යුතුව, නුවණින් යුතුව කල්පයක් වැඩ සිටිය හැකි ආයු සංස්කාරය අත්හළ සේක. එකල්හී මේ මහත් පෘථිවිය චලනය වූයේ ය. බිහිසුණු වූ ලොමු දහගැනීමක් වූයේ ය. අහස ගුගුරා වැහි පොද වැටුණේ ය. එකල්හී ඒ සම්බුදු මුව මඬලින් උදානයක් පහළ කළ සේක.
තුලමතුලඤ්ච සම්භවං – භව සංඛාරමවස්සජී මුනි
අජ්ඣත්තරතෝ සමාහිතෝ – අභින්දි කවචමිවත්තසම්භවන්ති
තරුණයා සෙවිය යුත්තේ කුමක් ගැනද?
නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 21 තරුණයා සෙවිය යුත්තේ කුමක් ගැනද? තරුණ ජීවිතය ගසාගෙන යන තත්ත්වයට අද පත්වී තිබේ. යමක් ගසාගෙන යනවා යන්නෙහි අර්ථය එය වෙනත් යමකට අවශ්‍ය ආකාරයට හැසිරෙනවා යන්නය. ජීවිතයේ [...]
මහාමේඝ සමරු තිළිණ ප්‍රදානය – 2017
ගෞතම බුදුරජුන්ගේ සදහම් සන්දේශය මුණ නොගැසුණු සිව් දිග දනන් වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරනු පිණිස අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් “වියැළී මියැදෙන්නට පෙර - ඔබ තෙමා සුරකිනු පිණිස” යන තේමාවෙන් යුතුව 2010-08-24 වන [...]
දකුණු කොරියාවට තවත් මහමෙව්නාව අසපු ශාඛාවක්.
ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිර්මල දහම ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින්, අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් අරඹන ලද, මහමෙව්නාව නම් වූ සොඳුරු පුණ්‍ය ආයතනයේ තවත් එක් ශාඛාවක් දකූණු කොරියාවෙහි ද ආරම්භ [...]
සිංහල ජාතියට ලැබෙන දේව රැකවරණයෙන් ඔබත් රැකෙන්න
නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 20 සිංහල ජාතියට ලැබෙන දේව රැකවරණ යෙන් ඔබත් රැකෙන්න අසත්පුරුෂයා සහ සත්පුරුෂයා වෙන් කරලා හඳුනාගන්න පුළුවන් සත්පුරුෂයාට විතරයි කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. අසත්පුරුෂයාට මේ දෙකම හඳුනාගන්න බැහැනේ... [...]
අපේ ආච්චිගේ ලස්සන බණ කතා – 8
“මොනවා කියනවද දරුවනේ... භික්ෂූන් වහන්සේලා ගැන සිත පහදවාගත් කපුටු ජෝඩුව මරණින් පස්සේ කොහේද උපන්නේ කියලා දන්නවා ද පුතේ? තව්තිසාවේ... ඔව් පුතේ... තව්තිසාවේ උපන්නේ... බලන්ට දරුවනේ තමන් ගේ කුසගින්න නිවාගන්ට කළ උපකාරය ඒ තිරිසන්ගත කපුටා මතක තියාගෙන හිටියා නොවැ. නුවණැත්තෝ එහෙම තමයි. ඔවුන් කවරදාකවත් මිත්‍රද්‍රෝහී වෙන්නේ නෑ. කළ උපකාරය සිහි කරනවා ම යි කියලා ආච්චි මිහිරට මේ කවිය කිව්වා.
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 7
අපේ ආච්චිගේ ලස්සන බණ කතා වෙන් අද අපි ඉගෙන ගන්නේ තිසරණ යේ මහා බලය ගැනයි. දිවි හිමියෙන් බුදු රජාණන් වහන්සේ සරණ ගිය උපාසකයෙකුගේ ලස්සන කතාවක් ගැනයි මේ..
ජීවිතය ජය ගන්න මහා බුදු ගුණ පිරි සත්‍ය ක්‍රියාවක් මෙන්න
අප සියලු දෙනා සාමාන්‍ය මිනිසුන් ලෙස හැසිරුණත් අපගේ සිත් පිරී ඇත්තේ කොයිතරම් මහන්තත්වයකින්ද...? ඔබගේ චරිතය දෙස දවසක් ඔබම බලා සිටින්න. අප කොයිතරම් උඩඟු පුද්ගලයන්දැයි ඔබට ද සිතා ගත නොහැකි වනු ඇත. අනන්ත සසර පුරා දුක් විඳිමින් අප රැගෙන ආවේ මේ මමත්වය නොවේද...? ඒ ගැන සිතා දැන්වත් අප ධර්ම මාර්ගයේ උතුම් අරමුණු පෙරදැරිව යායුතු නොවේද...? ඒ සඳහා අපට මඟ පෙන්වා දුන්නේ ඒ මහා සම්මා සම්බුද්ධයාණන් වහන්සේය.









