බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
ඔබත් මගඵල ලබනු කැමති ද? එසේ නම් මෙයත් දැනගන්න.
ඔබත් මගඵල ලබනු කැමති ද? එසේ නම් මෙයත් දැනගන්න. මෙකල ලෝකයේ කිසිම බෞද්ධ රටක අඛණ්ඩව පැවතගෙන එන රහත් සඟපරපුරක් නැත්තේ ය. එසේ ම අවශේෂ මගඵල ලාභී සඟ පරපුරක් ද නැත්තේ ය. මේ හේතුව නිසා ම මගඵල ලැබීමේ අදහසින් භාවනා කරන යෝගීන් නොයේක් ආකාරයේ මුළාවන්ට පත්වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබේ. එය අවංකව ධර්මයේ හැසිරෙන යෝගීන්ගේ වරදක් නොවේ. ශාස්තෘ ශාසනය වන ධර්මයටත් විනයටත් මුල්තැන දීම වෙනුවට පුද්ගලික මගපෙන්වීම්වලට මුල් තැන දීමෙන් සිදුවන හානියකි.
දකුණුලකට ශ්‍රද්ධා සමාරම්භක දිනය
භාග්‍යවතුන් වහන්සේගේ අමිල නිමල සදහම් දායාදය ලොවටම දන් දෙන රූපවාහිනී කලණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ලක්දිව දකුණු පළාතට සාමාන්‍ය නාලිකාවක් වශයෙන් ව්‍යාප්ත කරනු පිණිස ආරම්භ කළ දකුණුලකට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් ඒ සඳහා උපකාර කළ පින්වත් සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරමින් පැවැත්වූ විශේෂ ධර්ම දේශනයක් පසුගිය ඔක්තෝබර් 28 දින මාතර වැලිගම නගර ශාලාවේ දී පවත්වන්නට යෙදිණි.
බුද්ධගයා බුදුනුවණ අසපුවේ කඨින චීවර පූජා පුණ්‍යෝත්සවය
දඹදිව බුද්ධගයාවේ බුදුනුවණ මහමෙව්නාව භාවනා අසපුවේ වාර්ෂික කඨින පූණ්‍යෝත්සවය තුන්වන වරටත් පසුගිය ඔක්තෝබර් 14, 15 යන දෙදින තුළ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය
අපගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ගුණ කඳ සිහි කරමින් උපෝසථ සීලයෙහි පිහිටා නොයෙක් පුණ්‍ය කර්මයන් සිදුකරමින් ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය කෘතගුණ දන්නා ජාතියක් ලෙස යළි අර්ථාන්විතව සමරමු.
මහිංයගණය අසපුවේ බෝධි රෝපණය
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ බිනර මස 28 වන දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2017 සැප්තැම්බර් මස 28 වන දිනට යෙදුනු ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනයේදී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මහියංගණයේ ශ්‍රී මහා සුමන මහමෙව්නාව භාවනා අසපුවේ සිරි ගෞතම බෝධීන් වහන්සේෙ රෝපණය කිරීම සිදු විය.
සදහම් පොත් පරිත්‍යාග – 2017 සැප්තැම්බර්
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 22 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ.....
පොල්ගහවෙල මහමෙව්නාව අසපුවේ ලේ දන්දීමේ පින්කම
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 23 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2017-09-10 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 310 පමණ පිරිසක් [...]
දිවුලපිටිය මහමෙව්නාව භාවනා අසපුවේ මහා පුණ්‍ය මංගල්‍යය 2017-09-02
ව්‍යවහාරික වර්ෂ 2017 සැප්තැම්බර් මස 02 වන දින දිවුලපිටිය හුණුමුල්ල මහමෙව්නාව භාවනා අසපුවේ දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මහා පින්කම් මාලාවක් සිදු කෙරිනි. සියක් නමකට අධික මහා සංඝ රත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක්, අලංකාර ධාතු මන්දිරයක් තනවා පූජා කිරීමත්, සිව් දිගින් වඩින මහසඟරුවන උදෙසා කුටි සෙනසුන් පූජාවක් සහ සිරි ගෞතම බෝධි වන්දනාවක් ද මෙහිදී පවත්වන ලදී. සියල්ලෝ මේ පින්කම සතුටු සිතින් දැකබලා අනුමෝදන් වෙත්වා!
මාතර මහමෙව්නාව මහා විහාරයේ සති භාවනා වැඩසටහන
වර්තමානයේ බොහෝ දෙනෙක් ගත කරන්නේ සංකීර්ණ සමාජයක කාර්යබහුල ජීවිතයක්. සතියක නිවාඩුවක් ලබාගෙන විවේකී පරිසරයක ධර්මය ඉගෙන ගනිමින් භාවනා කිරීමට ඔබත් කැමති ද? මේ වන තෙක් සති භාවනා වැඩසටහන පැවැත්වුනේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පමණයි. [...]
කිරිමුත්තා කිව්වා මෙසේ….
තොපි සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවිතේ ගැන හිතපං. කිසි කෙනෙකුගෙන් පලිගන්ට යන්ට එපා. අණවින කොඩිවින හදිහූනියම් කරන්ට එපා. අනුන්ට ඉනාපනා දෙන්ට එපා. උගුල් අටවන්ට එපා. පේස් බොකුවලින් වලත්ත වැඩවලට පැටලෙන්ට එපා. අනුන්ට ගරහ ගරහා මඩ ගසන්ට එපා.










