මහියංගණය, බතලයාය මහමෙව්නාව භාවනා අසපුවෙහි අභිනවයෙන් ඉදිකරන ලද කුටි සෙනසුන් සඟසතු කොට පූජා කිරීමේ පින්කම පසුගිය නොවැම්බර් 5 වෙනි දින හාරදහසකට අධික සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිනි.

මෙම පින්කමට සමගාමීව පෙර දින, එනම් 4 වෙනි දින රාත්‍රියේ පසුදා පහන්වනතුරු සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනක් පවත්වන ලද අතර 5 වන දින දහවල් මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනමන ලදී. එම දානමය පින්කම සඳහා පින්වත් ස්වාමීන් වහන්සේලා 70 නමක් පමණ වැඩම කොට සිටියහ.

විශේෂයෙන්ම ආදීවාසී නායකතුමා ද දන්පැන් පූජා කිරීමට මෙම පින්කමට පැමිණ සිටියේය.

සියල්ලෝම මේ උතුම් පින්කම දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!