පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 23 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2017-09-10 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 310 පමණ පිරිසක් තම රුධිරය පරිත්‍යාග කළා. ඒ සියලු දෙනාට ආහාරපානාදියෙන් සංග‍්‍රහ කළේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුනුත් යොවුන් බෝධිඤාණ සභාවේ දරුදැරියනුත් විසිනුයි. තව ද මෙම රුධිර දානමය පුණ්‍ය කර්මය සඳහා පැමිණ සිටි රුධිරදායකයන් සියලු දෙනාටත් වෛද්‍යවරියන්ටත් හෙද හෙදියන්ටත් ධර්ම දානයක් ලෙස දහම් පුස්තක ද පරිත්‍යාග කරන්නට යෙදුනා.
“මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු” යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරි කරගෙන අසරණ රෝගියෙකු මරණයෙන් ගලවා ගැනීම පිණිස තම රුධිරය පරිත්‍යාග කළ ඒ සියලු දෙනාටත් මේ පින්කම සාර්ථක කරගැනීම සඳහා අවවාද අනුශාසනා ලබාදුන් පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ආහාරපානාදියෙන් සංග්‍රහ කළ සියලු පින්වතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් ඉතා සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් මේ සියලු පින් හේතුවාසනා වේවා!
සියල්ලෝම මේ පින දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!
තෙරුවන් සරණයි!
Namo Budhaaya
Bhawathu Sabba Mangalam Rakkhanthu Sabba Dewathaa
Sabba Budhaanu Bhaawena,
Sabba Dhammaanu Bhaawena,
Sabba Sanghaanu Bhaawena,
Sadaa Soththi Bhawanthuthe…
Theruwan saranai..
නමෝ බුද්ධාය!