මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

08. සතර සතිපට්ඨානය තුළ වේදනානුපස්සනාව

සාමාන්‍යයෙන් වේදනාව කියන වචනය අපි ඉගෙන ගෙන තියෙන්නේ රිදෙන කොට, දුකක් ඇතිවුණාම, පීඩාවක් ඇතිවුණාම, කැක්කුමක් ඇතිවුණාම පාවිච්චි කරන්නයි. අපේ හිතේ සතුටක් ඇතිවුණාට පස්සේ අපි කවදාවත් කියන්නෙ නෑ, ”මට මේ සැප සහගත වේදනාවක් තියෙනවා” කියල කියන්නෙ නෑ. වේදනාව කියල කියන්නේ දුකටමයි. ”මම හරි වේදනාවෙන් ඉන්නෙ” කියල කියනවා. ”ඇඟ පත හරිම වේදනයි” කියනවා. මේ වේදනාව කියන වචනය අපි පාවිච්චි කරන්නේ දුක් සහගත විඳීමකට.

November 2nd, 2014|1 Comment

07. නව සීවථික භාවනාව

බුදුරජාණන් වහන්සේ ගේ කාලෙ කෙනෙක් මැරුණට පස්සේ අමු සොහොනට ගිහින් දානවා. දැම්මට පස්සේ කවුරුත් යන්නෙ නෑ අමුසොහොනට. අමුසොහොනෙදි ඒ මරණයට පත්වෙච්ච ශරීරය, මළකුණ ඉදිමිලා ඉදිමිලා යද්දි, සත්තු විසින් කනවා. ඊට පස්සේ විනාශ වෙලා යනව. මෙන්න මේ කාරණය තමන්ගේ ජීවිතයත් එක්ක ගලපා බලන්න කියල බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළා. ඒකට තමයි මේ නවසීවථිකය කියල කියන්නේ.

November 2nd, 2014|1 Comment

06. සතර සතිපට්ඨානය තුළ ධාතු මනසිකාර භාවනාව

දවසක් පුංචි රාහුල ස්වාමීන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා ”රාහුලය, ආනාපානසති භාවනාව වඩන්න” කියල. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ ආනාපානසතිය දන්නෙ නෑ. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරල බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා,”ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආනාපානසතිය වඩන්නෙ කොහොමද?” කියල. අන්න ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ වදාළේ ආනාපානසතියට ඉස්සර වෙලා ධාතු මනසිකාරය.

November 2nd, 2014|2 Comments

අසිරිමත් පසේබුදු පෙළහර 19

තියුණු දළ බල ඇති මෘගරාජන් වූ සිංහයා තමන්ගේ සියලු සවියෙන් සියලු සතුන් මැඬගෙන බිය සැක රහිතව ඉන්නවා. අන්න එ් වගේ ඈත හුදෙකලා සෙනසුන්වල වාසය කරමින් දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

October 31st, 2014|Comments Off on අසිරිමත් පසේබුදු පෙළහර 19

අසිරිමත් පසේබුදු පෙළහර 18

“අහස පොළොව කම්පාවෙන හෙණ හඬට පවා නොසැලී සිටින සිංහයෙක් වගේ, දැලට හසු නොවී පැනයන සුළඟක් වගේ, දියෙහි නොතැවරී තිබෙන නෙළුමක් වගේ ඉන්නයි මං කැමති. එ් නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

October 31st, 2014|3 Comments

අසිරිමත් පසේබුදු පෙළහර 17

“අයහපත් දේම හරි විදිහට දකින, වැරදි වැඩපිළිවෙලකම සිටින පාපී පුද්ගලයන්ගේ සහයෝගය නම් දුරුකරන්නම ඕන. එ් මිත්‍රත්වයෙන් ඵලක් නැහැ. ඔවුන් කාමයන්ට වසඟව සියලු කටයුතු ප්‍රමාද කොට වාසය කරන හෙයින් අත්හැර දැමිය යුතුමයි. එ් නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

October 31st, 2014|Comments Off on අසිරිමත් පසේබුදු පෙළහර 17

අසිරිමත් පසේබුදු පෙළහර 16

“එදා ආදිච්චබන්ධු පසේබුදුවරයන් වහන්සේ වචනයක් වදාළා. පිරිසත් සමඟ නිතර ඇලෙන, ඔවුන් හා එක්වී කල්ගෙවන කෙනාට කවරදාකවත් නිකෙලෙස් බවින් ලබන විමුක්තිය ස්පර්ශ කරන්න බැහැ කියලා. ඒ නිසාමයි මං මේ ගමන ආවේ. ඒ නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

October 31st, 2014|Comments Off on අසිරිමත් පසේබුදු පෙළහර 16

අසිරිමත් පසේබුදු පෙළහර 15

“මේ ශරීරය නම් කෙමෙන් කෙමෙන් විනාශය කරාම යන දෙයක්. සැරව පිරුණු ගෙඩියක්. මහා වධයක්. රෝගයක්. රිදුම් දෙන හුලක්. ඕනෑම මොහාතක භය ඇතිකරවන දෙයක්. මේ හැම දෙයක්ම ඇතිවෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාම සැපය නිසා. මං මේකෙ ආදීනව දැක්කා. ඒ නිසා දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

October 31st, 2014|Comments Off on අසිරිමත් පසේබුදු පෙළහර 15

අසිරිමත් පසේබුදු පෙළහර 14

“මට දෙවැන්නෙක් සමඟ මේ විදිහට ජීවත් වෙන්නට සිදු වූ නිසා නිසරු වචන කිය කියා ඉන්න සිදුවුණා. අනිත් කෙනාට ඇලී ඉන්නත් සිදුවුණා. ඇත්තෙන්ම මේ තුළින් ඇතිවන අනාගත ප්‍රමාදය ගැන මට භයක් ඇතිවෙනවා. දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

October 31st, 2014|1 Comment

අසිරිමත් පසේබුදු පෙළහර 13

“රන්කරු පුත්‍රයෙක් විසින් ඉතාමත් ලස්සනට කැටයම් කළ ප්‍රභාෂ්වර රන් වළළු මට දකින්නට ලැබුණා. අත්දෙක සෙළවෙද්දී ඒ වළළු එකිනෙකට ගැටුණා. ජීවිතයත් ඒ වගෙයි කියා මට සිතුණා. මං හුදෙකලා වුණා. දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

October 31st, 2014|Comments Off on අසිරිමත් පසේබුදු පෙළහර 13
Go to Top