බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
අසිරිමත් පසේබුදු පෙළහර 3
මිතුරන් සමඟ සුහද වෙලා ඔවුන්ට පමණක් අනුකම්පා කරන්නට ගියොත්, ඔවුන් කෙරෙහි දැඩි ලෙස ඇල්ම ඇතිව බැඳී ගියොත්, ලොවට සිදුවිය යුතු පොදු යහපත දුරුවෙලා යනවා. මිතුරන් සමඟ එක්ව වාසය කිරීමේ ඇති ඔය අනතුර මට පේනවා. දැන් මං නිදහස්! ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.
රන් රුවක් නිසා පසේබුදු වූ අසිරිය
මේ සිතේ ආශාව හටගන්නේ අරමුණු සමඟ එක්වී සිටින කෙනෙක් තුළමයි. ශෝක වැළපීම් ආදී අනේක දුක්ඛයන්ගේ උපත ඔය ආශාවමයි. ආශාවෙන් උපදින ආදීනව ගැන නුවණින් විමසද්දී එයා එයින් නිදහස් වෙනවා. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.
මෛත්‍රී සිත් ඇති පසේ බුදුවරු
සසර පුරා අනේක ආත්මභාවයන්හි ජීවිතාවබෝධය වෙනුවෙන් කරන ලද පිනෙන් සකස් වූ ඒ පසේබුදුවරුන්ගේ ජීවිත ගැන අප දැනගත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙනි. ඒ මෙසේය. දිනක් අනඳ මහතෙරුන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ පසේබුදුවරයන් වහන්සේලා ගැන කියා දෙන ලෙසයි. එවිට බුදුරජාණන් වහන්සේ අනඳ හිමියන්ට ගාථා වශයෙන් ‘ඛග්ගවිසාණ’ සූත‍්‍රය වදාළ සේක. එම ගාථාවලින් කියවෙන්නේ ඒ ඒ පසේබුදුවරයන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරණ ලද ගථාවන්ය. මෙම ගාථා සඳහන් වන්නේ සුත්ත නිපාතයෙහිය. මෙයද සම්බුදු මහිමයේ අසිරියෙකි.
1-18. සුමනා දේවිය නම් කුමරියගේ කථා වස්තුව
ජේත කුමාරයා අනේපිඬු සිටුතුමා ඇමතුවා ”පින්වත් සිටුතුමනි, ඇත්තෙන්ම ඔබේ මේ පරිත්‍යාගය ගැන මට පුදුමයි. අර ඉතුරු වෙච්ච කොටසට රන්කාසි අතුරන්න ඕන නැහැ. හැබැයි මං පොඩි ඉල්ලීමක් කරන්නම්. විහාරෙ හැදුවට පස්සෙ මේ උද්‍යානයට මගේ නම දාන්න කැමැතිද?” අනේපිඬු සිටුතුමා එයට කැමැති වුනා. ඊට පස්සේ ජේත කුමාරයාගේ වනයේ සැදූ ආරාමය යන නමින් ජේතවනාරාමය වශයෙන් හැඳින්වූවා.
1-17. දෙව්දත්ගේ අවසන් කාලය
දෙව්දත් ගැන දැන් ඔබ සෑහෙන්න කරුණු දන්නවා. නම් අවාසනාවන්ත පුද්ගලයාගේ ජීවිතය පවින් පිරුණු හැටි සිතන කොටත් දුකයි. බුදුරජාණන් වහන්සේව මුණ ගැසිලත්, පැවිදි වෙලත්, චිත්ත සමාධිය දියුණු කරලත්, කොටින්ම ඉර්ධි ප‍්‍රාතිහාර්ය පවා කරන්න පුළුවන් මට්ටමට හැකියාවක් ලැබිලත්, ජීවිතය අවබෝධ කිරීමේ වාසනාව අහිමි කරගත්තා. තමන් තුළ තිබුන සියලු කුසල් අහිමි කරගත්තා. දෙව්දත් වෛර බැඳගත් ආකාරය ඔබ කලින් ඉගෙන ගත්තා නේද? දේව්දත්ගේ ක්‍රෝධය හරිම අසාමාන්‍ය එකක්. හරිම විකෘති ආශාවක්. පළිගැනීමේ සීමාවක් නෑ.
1-16. ධම්මික උපාසක මහතාගේ කථා වස්තුව
බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන කාලය බුද්ධ කාලයයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය කවුරුත් කථාබස් කරනවා නම්, ඒ ධර්මය අනුගමනය කිරීමට වෙහෙස මහන්සි වෙනවා නම්, ඒ බුද්ධ කාලය ධර්මයෙන් බබලනවා. අන්න එවැනි කාලයක නුවණැති අයට සියලු වාසනාව ලබා දෙනවා. හොඳට පින් රැස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. බොහෝ දෙනෙක් පින් ගැන කථා කළත්, පින් කරන හැටි දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පින ගැන ඉගෙන ගන්න කෙනාට බොහෝ පින් රැස් කරන්න පුළුවනි. නරක තැන්වල උපත නොලබා, දෙව්ලොව උපත ලබා සැප සේ වාසය කරමින් සංසාරයෙනුත් එතෙර වෙන්න පුළුවනි.
1-15. චුන්ද සූකරික ඌරු වැද්දාගේ කථා වස්තුව
දින කිහිපයක් එක දිගට ඌරන් මරන හඬ චුන්ද සූකරගේ ඌරුමඬුවෙන් ඇහෙන්න පටන් ගත්තා. සමහර ස්වාමීන් වහන්සේලා හිතුවේ මොකක් හරි උත්සවයක් වෙනුවෙන් මේ ඌරන් මරන බවයි. අන්තිමේදී ඇත්ත හෙළි වුනා. එතැන වෙලා තිබෙන්නේ ඌරන් මැරීමක් නොවෙයි. චුන්දසූකර මරණාසන්න වෙලා දවස් ගණනාවක් තිස්සේ පණ අදිනවා. මෙයා ඉදිරියෙහි යමපල්ලෝ ඇවිදින් ඌරන්ව මැරූ ආකාරයට මෙයාව මරන්න සූදානම් වෙනවා. එතකොට මෙයා හොඳටම බය වෙනවා. හයියෙන් කෑ ගහනවා. යටිගිරියෙන් කෑගහනවා.
1-13,14. නන්ද මහරහතන් වහන්සේගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දැරුවනේ, නොවටිනා දෙයට ආශා කිරීම නිසා බොහෝ දෙනෙකුට වටිනා දේවල් අහිමි වෙනවා. සමහරුන් සෙල්ලමට ආසයි. ඒ නිසාම අධ්‍යාපනය අහිමි කරගන්නවා. දියුණු වෙන්න තිබෙන මාර්ගය නැති කරගන්නවා. අන්තිමේදී පසු තැවි තැවී ඉන්නවා. සමහරු ඉගෙන ගන්න කලෙ පේ‍්‍රම සම්බන්ධතා ඇති කරගන්නවා. ඒවා ගැනම කතාබස් කර කර ඉන්නවා. ඒ තුළින්ම සතුටු වෙවී ඉන්නවා. අන්තිමේදී ඒ නිසාම දුකට පත්වෙනවා. විභාග අසමත් වෙනවා. රැකීරක්ෂාවල් නැති කරගන්නවා.
1-11,12. උපතිස්ස කෝලිත කලණ මිතුරන්ගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට අඳුරත්, එළියත් වෙන් කොට හඳුනාගන්නා පුළුවන් වගේම, සරු දෙයත්, නිසරු දෙයත් වෙන් කොට හඳුනා ගැනීමට පුළුවන් විය යුතුයි. එතකොට අපි නිසරු දෙය අත්හැරලා සරු දෙය කරා යන අය බවට පත්වෙනවා. චතුරාර්ය සත්‍යය අවබෝධය කරාම යනවා.
1-9,10. දේවදත්තගේ කථා වස්තුව
අයහපත් පුද්ගලයා විවිධාකාර වෙස්ගන්නා හෙයින් හඳුනාගන්නට අසීරුයි. බොහෝ දෙනෙක් රැවටෙනවා. ඔහු තම කාර්යය උදෙසා විවිධ චාටුබස් කියනවා. විවිධ වෙස් ගන්නවා. බොරුවෙන් ඇත්ත වහනවා. පිරිස බිඳවනවා. කුමන්ත‍්‍රණ කරනවා. අවස්ථාව ලද විගස පළිගන්නවා. ඔහු ගුණමකුයි. කෙලෙහි ගුණ දන්නෙ නැහැ. සමාජ අධිපත්‍යයට ආශා කරනවා. ලාභ, සත්කාර, කීර්ති, ප‍්‍රශංසාවලට වසඟ වෙනවා. ඊර්ෂ්‍යාවෙන් පෙළෙනවා. ඕනම පවිටු දෙයක් කිරීමට පෙළඹෙනවා. එනිසා අසත්පුරුෂ බාලයන් හා ඇසුරු නොකළ යුතුමයි. සත්පුරුෂ කල්‍යාණ මිත‍්‍රයන් පමණක් ඇසුරු කිරීමෙන් සලසාගත හැකි යහපත වචනයෙන් කිව නොහැකි තරම් අතිවිශාල දෙයකි.










