මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

ශෝක කිරීම අභිබවා පසේබුදු වූ අසිරිය

පසේබුදුවරයන් වහන්සේලා අවබෝධය ලබන්නේ සද්ධර්මශ‍්‍රවණයෙන් තොරවයි. අප අයිති වන්නේ ශ‍්‍රාවක ගණයටයි. ශ‍්‍රාවකයන් කරනු ලබන්නේ ශ‍්‍රවණය කොට දැනුම ලබාගැනීමයි. එසේ ලබාගත් ධර්මඥානය ඇසුරෙන් නුවණ මෙහෙයවා සත්පුරුෂ භූමියට පැමිණෙන්ට ශ‍්‍රාවකයන්ට වාසනාව ලැබෙනවා. සත්පුරුෂ භූමියට පත් ශ‍්‍රාවකයන් තුළ පළමුව පිහිටන්නේ කෙළෙහි ගුණයි. කෙළෙහිගුණ දන්නා බව සත්පුරුෂ භූමිය හඳුනාගන්නා සළකුණ වේ. ඒ සඳහා බාහිරින් ලැබෙන සද්ධර්ම ශ‍්‍රවණය පිණිස කල්‍යාණමිත‍්‍ර සේවනය අතිශයින්ම උපකාරී වේ.

October 30th, 2014|Comments Off on ශෝක කිරීම අභිබවා පසේබුදු වූ අසිරිය

එක් වී වසමු ද වෙන්වී මිදෙමු ද

මොන වදයක්ද මේ…? මේ ඇමතිවරු හදන්නේ එක එක්කෙනා මට ළං වෙන්නයි. මුන්දැලාගේ අදහස හරි ආත්මාර්ථකාමියි. මට ළං වෙන්නේ මට ඇති ආදරයකට නොවෙයි. මගෙන් අයුතු ප‍්‍රයෝජනයක් ගන්නයි. කුමක් හෝ ලාභයක් ලබා ගන්නයි. මගේ ළඟට ළං වෙලා කණට කොඳුරන්නේ මුන්දැලාට ඇති අසනීපය කුමක්ද? එක එක්කෙනා පෙන්නන්නට හදන්නේ තමා තමයි රජතුමාට වඩාත් සමීප කියා ඉස්මතු කරන්නයි. හනේ හපොයි! මේ රජකමක් නිසා මං විඳින දුකක්!”

October 30th, 2014|Comments Off on එක් වී වසමු ද වෙන්වී මිදෙමු ද

නෙලුම් මලින් ඉපදුන පසේබුදුවරයන් වහන්සේ

“තොණ්ඩුවකට හසු නොවී ඉන්න මුවා නිදහසේ මයි වනයේ හැසිරෙන්නේ. තණ කොළ බුදින්නට කැමති කැමති අයුරින් ඒ සතා නිදහසේ යනවා. බුද්ධිමත් මනුෂ්‍යයා කිසිවෙකුට නොබැඳී ස්වෛරීව නිදහසේ ජීවත් වීමට මං සොයනවා නම්, මාත් දැන් ඒ වගේ කෙනෙක්. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

October 30th, 2014|1 Comment

උණගොබයෙන් පසේබුදුවන අසිරිය

රජතුමා බිම වාඩි වුණා. පළඟක් බැඳගත්තා. නෙත් පියා ගත්තා. භාවනා කරන්නට පටන් ගත්තා. තමාටත් නොදැනීම සිත යොමු වුණේ ආශ්වාස ප‍්‍රශ්වාසයටයි. ක‍්‍රමක‍්‍රමයෙන් රජතුමාගේ සිත සංසිඳෙන්නට පටන් ගත්තා. සමාධිගත වෙන්නට පටන් ගත්තා. සසරේ පුරන ලද පුණ්‍යානුභාවය නිසා ඒ සිත වහා දැහැන්ගත වුණා. ඇලීමත්, ගැටීමත් අතර මේ සිත පවතින්නේ මක්නිසාද කියා රජතුමා විමසන්නට පටන් ගත්තා. ක‍්‍රමක‍්‍රමයෙන් ජීවිතය පිළිබඳව මෙතෙක් නොඇසූ විරූ අවබෝධයක් ඇතිවෙන්නට පටන්ගත්තා. විදර්ශනා ප‍්‍රඥාව වැඩෙන්නට පටන්ගත්තා.

October 30th, 2014|Comments Off on උණගොබයෙන් පසේබුදුවන අසිරිය

අසිරිමත් පසේබුදු පෙළහර 3

මිතුරන් සමඟ සුහද වෙලා ඔවුන්ට පමණක් අනුකම්පා කරන්නට ගියොත්, ඔවුන් කෙරෙහි දැඩි ලෙස ඇල්ම ඇතිව බැඳී ගියොත්, ලොවට සිදුවිය යුතු පොදු යහපත දුරුවෙලා යනවා. මිතුරන් සමඟ එක්ව වාසය කිරීමේ ඇති ඔය අනතුර මට පේනවා. දැන් මං නිදහස්! ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.

October 30th, 2014|Comments Off on අසිරිමත් පසේබුදු පෙළහර 3

රන් රුවක් නිසා පසේබුදු වූ අසිරිය

මේ සිතේ ආශාව හටගන්නේ අරමුණු සමඟ එක්වී සිටින කෙනෙක් තුළමයි. ශෝක වැළපීම් ආදී අනේක දුක්ඛයන්ගේ උපත ඔය ආශාවමයි. ආශාවෙන් උපදින ආදීනව ගැන නුවණින් විමසද්දී එයා එයින් නිදහස් වෙනවා. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.

October 30th, 2014|4 Comments

මෛත්‍රී සිත් ඇති පසේ බුදුවරු

සසර පුරා අනේක ආත්මභාවයන්හි ජීවිතාවබෝධය වෙනුවෙන් කරන ලද පිනෙන් සකස් වූ ඒ පසේබුදුවරුන්ගේ ජීවිත ගැන අප දැනගත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙනි. ඒ මෙසේය. දිනක් අනඳ මහතෙරුන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ පසේබුදුවරයන් වහන්සේලා ගැන කියා දෙන ලෙසයි. එවිට බුදුරජාණන් වහන්සේ අනඳ හිමියන්ට ගාථා වශයෙන් ‘ඛග්ගවිසාණ’ සූත‍්‍රය වදාළ සේක. එම ගාථාවලින් කියවෙන්නේ ඒ ඒ පසේබුදුවරයන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරණ ලද ගථාවන්ය. මෙම ගාථා සඳහන් වන්නේ සුත්ත නිපාතයෙහිය. මෙයද සම්බුදු මහිමයේ අසිරියෙකි.

October 30th, 2014|6 Comments

1-18. සුමනා දේවිය නම් කුමරියගේ කථා වස්තුව

ජේත කුමාරයා අනේපිඬු සිටුතුමා ඇමතුවා ”පින්වත් සිටුතුමනි, ඇත්තෙන්ම ඔබේ මේ පරිත්‍යාගය ගැන මට පුදුමයි. අර ඉතුරු වෙච්ච කොටසට රන්කාසි අතුරන්න ඕන නැහැ. හැබැයි මං පොඩි ඉල්ලීමක් කරන්නම්. විහාරෙ හැදුවට පස්සෙ මේ උද්‍යානයට මගේ නම දාන්න කැමැතිද?” අනේපිඬු සිටුතුමා එයට කැමැති වුනා. ඊට පස්සේ ජේත කුමාරයාගේ වනයේ සැදූ ආරාමය යන නමින් ජේතවනාරාමය වශයෙන් හැඳින්වූවා.

October 29th, 2014|1 Comment

1-17. දෙව්දත්ගේ අවසන් කාලය

දෙව්දත් ගැන දැන් ඔබ සෑහෙන්න කරුණු දන්නවා. නම් අවාසනාවන්ත පුද්ගලයාගේ ජීවිතය පවින් පිරුණු හැටි සිතන කොටත් දුකයි. බුදුරජාණන් වහන්සේව මුණ ගැසිලත්, පැවිදි වෙලත්, චිත්ත සමාධිය දියුණු කරලත්, කොටින්ම ඉර්ධි ප‍්‍රාතිහාර්ය පවා කරන්න පුළුවන් මට්ටමට හැකියාවක් ලැබිලත්, ජීවිතය අවබෝධ කිරීමේ වාසනාව අහිමි කරගත්තා. තමන් තුළ තිබුන සියලු කුසල් අහිමි කරගත්තා. දෙව්දත් වෛර බැඳගත් ආකාරය ඔබ කලින් ඉගෙන ගත්තා නේද? දේව්දත්ගේ ක්‍රෝධය හරිම අසාමාන්‍ය එකක්. හරිම විකෘති ආශාවක්. පළිගැනීමේ සීමාවක් නෑ.

October 29th, 2014|Comments Off on 1-17. දෙව්දත්ගේ අවසන් කාලය

1-16. ධම්මික උපාසක මහතාගේ කථා වස්තුව

බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන කාලය බුද්ධ කාලයයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය කවුරුත් කථාබස් කරනවා නම්, ඒ ධර්මය අනුගමනය කිරීමට වෙහෙස මහන්සි වෙනවා නම්, ඒ බුද්ධ කාලය ධර්මයෙන් බබලනවා. අන්න එවැනි කාලයක නුවණැති අයට සියලු වාසනාව ලබා දෙනවා. හොඳට පින් රැස් කරගන්න පුළුවන්කම ලැබෙනවා. බොහෝ දෙනෙක් පින් ගැන කථා කළත්, පින් කරන හැටි දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පින ගැන ඉගෙන ගන්න කෙනාට බොහෝ පින් රැස් කරන්න පුළුවනි. නරක තැන්වල උපත නොලබා, දෙව්ලොව උපත ලබා සැප සේ වාසය කරමින් සංසාරයෙනුත් එතෙර වෙන්න පුළුවනි.

October 29th, 2014|Comments Off on 1-16. ධම්මික උපාසක මහතාගේ කථා වස්තුව
Go to Top