පින්වත් මහණෙනි, යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම්, ඔහු මට උපස්ථාන කරන්නේ ය.
(ගෞතම බුදුරජාණන් වහන්සේ)

ප සරණ ගිය ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක දරුවන් වූ අපි ඒ උත්තම වූ සම්බුදු වදනට අනුව යමින් කොළඹ ජාතික අක්ෂි රෝහලේ නේවාසික රෝගීන්ටත් බාහිර රෝගීන් සහ සේවක මඩුල්ලට මෙන් ම රෝගීන් බැලීමට පැමිණි සියල්ලන්ට කැඳ සහ උදෑසන අාහාර ලබාදීමේ පින්කමක් 2015 නොවැම්බර් මස 30 දින මහමෙව්නාව අසපු වාසී පින්වත් ස්වාමීන් වහන්සේලා සහ උපාසක උපාසිකාවන් ගේ දායකත්වයෙන් ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව සිදුකරන ලදි.

3000ක් පමණ වූ පිරිස වෙනුවෙන් ලබාදුන් මෙම දානයට අනුශාසනා කළ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු ම පින්වත් ස්වාමීන් වහන්සේලාට ද, වැඩසටහන සාර්ථක කරගැනීමට උපකාර කළ ජාතික අක්ෂි රෝහලේ සේවක මඩුල්ලට ද, ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයට ද ගෞතම දරුවෝ යොවුන් බොධිඥාණ සභාවේ දරු දැරියන් ට ද නන් අයුරින් උපාකාර කළ සියලූම පින්වතුනට ද මේ රැස් කළා වූ පුණ්‍ය ධර්මයන් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා!

මාස් පතා සිදු කෙරෙන මේ උතුම් පුණ්‍ය කර්මය උදෙසා පින්වත් ඔබට ද දායක විය හැකි ය.

විමසීම් – info@shraddha.lk

පින්වත් මහණෙනි, යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම්, ඔහු මට උපස්ථාන කරන්නේ ය. (ගෞතම බුදුරජාණන් වහන්සේ)අප සරණ ගිය ඒ භාග්‍ය…

Posted by Shraddha TV (සුපහන් සිත) on Sunday, November 29, 2015