රැස් වූ සියලු පින් පින් කැමති සියලුම දෙවියන්ට ද, සියලු බ්‍රහ්මයින්ට ද, සියලු නාගයින්ට ද අනුමෝදන් වෙත්වා! අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණමිත්‍ර අතිපූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නා වාසී පින්වත් ස්වාමීන් වහන්සේලාට ද, ලංකාවාසී ලෝකවාසී සියලූම පින්වත් ස්වාමීන් වහන්සේලාට ද, අනගාරිකා මෑණිවරුන්ට ද, පැවදි අපේක්ෂක දරුවන්ට ද අනුමෝදන් වෙත්වා! එමෙන් ම මේ උතුම් පුණ්‍ය කටයුත්ත සඳහා දායකත්වය දැරූ ඕමානයේ පදිංචි චන්ද්‍රානි වීරතුංග මෑණියන්ට ත්, ඒ පවුලේ සියලු දෙනාට ම ත් අනුමෝදන් වෙත්වා! පොත් පරිත්‍යාගයට දායකත්වය දැක්වූ ගාල්ලේ සම්පත් මහත්මාට ත්, ඒ පවුලේ සියලු දෙනාට ම ත් අනුමෝදන් වෙත්වා! අකුරැස්ස මලිදුව කනිටු විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු සියලු ගුරුවරුන්ටද, එම පාසලේ දූ දරුවන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා! අත්කර ගත්තා වූ සියලු පින් උතුම් මහා සංඝරත්නයට ත් නන් අයුරින් දායකත්වය දැක් වූ සියලු දෙනාට ත් මේ ගෞතම බුදු සසුන තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම ට උපකාර වේවා! අපේ ම රටේ ඉගෙනීමට දක්ෂ දූවා දරුවන් ගේ අධ්‍යාපන කටයුතු සුවසේ කරගෙන යනු පිණිස ඒ පින්වත් දරුවන් ට අවශ්‍ය පාවහන් සහ පොත් පරි… Posted by Shraddha TV (සුපහන් සිත) on Thursday, December 3, 2015
අපේ ම රටේ ඉගෙනීමට දක්ෂ දූවා දරුවන් ගේ අධ්‍යාපන කටයුතු සුවසේ කරගෙන යනු පිණිස ඒ පින්වත් දරුවන් ට අවශ්‍ය පාවහන් සහ පොත් පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයක් 2015-12-03 වන දින අකුරැස්ස මලිදුව කනිටු විදුහලේ දී මහමෙව්නා වාසී මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන්, ශ්‍රද්ධා රූපවාහිනී සමාජ සත්කාර පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ පැවැත්වුණ වගයි!





