බැර ලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා රූපවාහිනියත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මගින් ක්‍රියාත්මක කරන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ සයවන අදියර යටතේ, කන්තලේ පන්සල්ගොඩැල්ල ඉදිකළ, ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ 2019 අප්‍රේල් 12 දින පැවැත්විණි.
ජීවිතය දන් දීම හා සමාන වූ මේ උතුම් පින්කම මගින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා. සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා! එමෙන්ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථාන තැනවීම සඳහා දායකත්වය දැක්වූ සුපින්වත් සියලු දෙනාටත් ඉදිකිරීම් කටයුතු සිදුකරන සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්තුමා ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවෙත්වා !
සාදු සාදු සාදු. ඒ මහා කුසලකර්මයෙන් , එයට දායක වූ සැමට සංසාරයේ මතු ඉපදෙන සියලූම භව වල නීරෝගී සම්පත් ලැබී, ඉක්මනින්ම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝද වීමට හේතුවාසනා වේවා…!
නමෝ බුද්ධාය. සාදූ සාදූ සාදූ ඒ උතුම් පිවිතුරු පැන් පූජාව මමද අනුමෝදම් වෙමි. මෙම උතුම් පින්කම් සදහා මූලිකත්වය ගනු ලැබූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අනෙකුත් පින්වත් ස්වාමීන්වහන්සේලාටත් උපාසක උපාසිකා පින්වතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම පින හේතු වාසනා වේවා…!!! සාදු සාදු සාදු
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!
සැබවින්ම ජීවිතය දුන්නා සේම මහගු පුන්‍ය කටයුත්තක්.ආහාර නොමැතිව සිටියත් ජලය නොමැතිව සිටිය නොහැකිය.මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා පෙරලා මිනිසාටම යම් දේවල් වලට මුහුණ දීමට සිදුවේ.ජලය අපිරිසිදු වීමද එවැනි දෙයකි.පිරිසිදු වතුර ටිකක් බොන්නට එම ප්‍රදේශයේ ජනතාවට ඉඩ සලසා දුන් සියලු පින්වතුන්ට පිංසිදු වේවා.
මෙවැනි පිං සිතුවිලි වලින් පොහොසත් අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, අසපුවාසී සියලු ස්වාමීන් වහන්සේලාටද, අනගාරිකා මෑණියන් වහන්සේලාටද, මේ සදහා දායකත්වය දැරෑ සියලු පින්වතුන්ටද දැක බලා අනුමෝදන් වූ අප සියලු දෙනාටමද මේ උතුම් පින චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කිරීම පිණිස උපකාර ධර්මයක් වේවා !!!සාදු සාදු සාදු!!!