බැර ලෝහ මිශ‍්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප‍්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක‍්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් ශ‍්‍රද්ධා රූපවාහිනියත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මගින් ක‍්‍රියාත්මක කරන ශ‍්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ සයවන අදියර යටතේ, පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගිරිතලේගම, බැඳිවැව, සුහදපුර, යුදගනාව, කුමුදුපුර, මයිලගස්හන්දිය යන ගම්මානවල වෙසෙන දසදහසකට ආසන්න ගම්වාසීන් උදෙසා ඉදිකළ, රුපියල් ලක්ෂ 85ක වටිනාකමින් යුත් ජල පිරිපහදු මධ්‍යස්ථාන හයක් නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2018 මැයි 14, 15 යන දෙදින එම ගම්මානවලදී පැවැත්විණි.

ජීවිතය දන් දීම හා සමාන වූ මේ උතුම් පින්කම මගින් රැස්වූ සියලු පින් මේ සඳහා නන් අයුරින් දායක වූ සැමටත් දැකබලා අනුමෝදන් වන සැමටත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසත් හේතුවාසනා වේවා!