මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ දෙසැම්බර් මාසයේදී ද සදහම් පොත් කට්ටල් 17 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. මෙම මස සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ,

  1. ගරු ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ, ශ්‍රී වනරතන දහම් පාසල, අලුවිහාරේගම, සේනපුර.
  2. ගරු ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ, ශ්‍රී සාරදීප දහම් පාසල, අමුණුකොලේ, මෙගොඩවැව.
  3. මුඩගල ආරණ්‍ය සේනාසනය, වරාපිටිය, කැකිරිහේන, මහඔය.
  4. ගරු අණදෙන නිළධාරීතුමා, ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුර, මුලංකාවිල්.
  5. ගරු විදුහල්පතිතුමා, කෑ/ දෙහි/ ඉඹුලාන ශ්‍රී සේන මහා විද්‍යාලය, ඉඹුලාන.
  6. ගරු පුස්තකාලාධිපතිතුමිය, මහජන පුස්තකාලය, රුවන්වැල්ල.
  7. ගරු පුස්තකාලාධිපතිතුමිය, මහජන පුස්තකාලය, අමිතිරිගල.
  8. ගරු කළමනාකාරතුමා, සණස සමිතිය, රොලව, අඹන්පොල.
  9. ගරු විදුහල්පතිතුමා, මො/ තණමල්විල ම.ම විද්‍යාලය, තණමල්විල.
  10. ගරු ප්‍රධානාචාර්යතුමිය, ශ්‍රී මිහිඳු දහම් පාසල, කවරක්කුලම, මෙගොඩවැව.
  11. ගරු ප්‍රධානාචාර්ය, ශ්‍රී මහින්දාලංකාර දහම් පාසල, වාලච්චේන.
  12. ගරු ප්‍රධානාචාර්ය, ශ්‍රී සිදුහත් දහම් පාසල, දිවුල්ගස්අංගය, පඩිවෙල.
  13. ගරු ප්‍රධානාචාර්ය, ශ්‍රී ධර්මෝදය මහ පිරිවෙන, ගල්වාරම, අලව්ව.
  14. ගරු විදුහල්පතිතුමා, ව/ගිරි/තෙලහැර ශ්‍රී අරියවංස ප්‍රාථමික විද්‍යාලය, කටුපොත.
  15. ගරු විදුහල්පතිතුමා, කෑ/ හෙට්ටිමුල්ල නව මහ විදුහල, හෙට්ටිමුල්ල.
  16. ගරු විදුහල්පතිතුමා, කෑ/දෙහි/ මායාදුන්න මහා විද්‍යාලය, අටුලුගම, දෙහිඕවිට.
  17. ගරු පුස්තකාලාධිපතිතුමිය, මාතුර මහජන පුස්තකාලය, හෙට්ටිමුල්ල.

ඒ අනුව මෙම වර්ෂයේ පරිත්‍යාග කරන ලද සියලු පොත් කට්ටල් ගණන 197 කි. සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා!

ඔබටත් මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදිය හැකියි.