තුන් ලොවක් සදහම් අමා දියෙන් නිවා සනහාලූ අප ගෞතම ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදායට උපහාර පිණිස, සැදැහැතියන් වෙත කරුණාවෙන් සෙත සලසා දෙනු පිණිස මාතලේ, මඩවල උල්පත මහමෙව්නාව භාවනා අසපු පින්බිමෙහි පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් යුක්තව මහා සංඝරත්නයේත්, දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේත් අසීමිත කැපවීමෙන් ඉදිවන අඩි 145 උසැති සිරි ගෞතම ශාක්‍යමුනි මහා සෑරජාණන් වහන්සේගේ හතරැස් කොටුවේ උතුම් ධාතු නිධානෝත්සවය පෙබරවාරි මස 17 වන ඉරු දින මහ සඟරුවනේ සෙත් පිරිත් සජ්ඣායනා සහ ලක්‍ෂ සංඛ්‍යාත බඹ, සුර, නර සාධු නාද මධ්‍යයේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පින්බර සුරතින් සිදුවූ වගයි…
එම උතුම් පින්කමට සමගාමීව තඹ පත්ඉරුවල සටහන් කළ ති‍්‍රපිටක පොත් වහන්සේලා, තැන්පත් කිරීමට නියමිත අනේකවිධ පූජා වස්තූන් සහ හතරැස් කොටුවේ උතුම් ධාතු ගර්භය ප‍්‍රදර්ශනය පෙබරවාරි මස 05 වන දින සිට 13 වන දින තෙක් උදෑසන 9 සිට රාතී‍්‍ර 9 දක්වා සිදුකෙරුණි. එමෙන්ම පෙබරවාරි මස 16 වන දින රැය පහන්වනතුරු පාලි සිංහල පිරිත් දේශනයක් ද පැවැත්වුන අතර 17 දින උදෑසන ධාතු නිධානෝත්සවයෙන් අනතුරුව දහවල මහා සංඝගත දක්‍ෂිණාවෙන් පින්කම නිමාවට පත්වුනි.
පින් කැමැත්තෝ සතුටු සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා…!
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! මෙ උතුම් පුන්‍යකර්මය දැකබලා පිං සිතින් අනුමෝදම් වෙමි. මේ උතුම් පුන්‍යකර්මයට සහ සම්බන්ධවූ සියලූම දෙනාට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ උතුම් පුන්‍යකර්මය උපකාර වේවා…..! සාදූ……සාදූ….සාදූ… නමෝ බුද්ධාය
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!!!
ආර්ය වූ මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!!!
සිතට දැනෙන ප්‍රීතිය මෙතෙකැයි කව නොහැකිය.සම්බුදු රජුන් උදෙසා මෙතරම් මනහර සෑ රජාණන් වහන්සේ නමක් ඉදිවීම ආශ්චර්යයකි.
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඇසුරට ලැබීමෙන් කෙතරම් පිරිසක් පින් කර ගන්නවද.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා.නීරෝගි වේවා. සුවපත් වේවා.දීර්ඝායුෂ ලබත්වා.ඔබ වහන්සේට මේ උතුම් බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා!!!
දෙපා වාරැ නැති අසරන වැඩිහිටියන් තම කර මතින් ගෙන යන තරැණ දරැවන්.මොන තරම් පිනක්ද.ඒ වැඩිහිටියන්ට මරණ මංචකයේදීත් මේ පිනම මතකට නැගේවා.
මේ උතුම් චෛත්‍ය රාජයාණන් ඉදිකිරීම උදෙසා මග පෙන්වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද අසපුවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටද අනගාරිකා මෑණියන් වහන්සේලාටද භූමිය පරිත්‍යාග කලාවූ පින්වතුන්ටද, නන් අයුරින් උදව් කලාවූ පින්වතුන්ටද සහ සම්බන්ධ වූ සියලු පින්වතුන්ටද දැක බලා සතුටු සිතින් අනුමෝදන් වූ අප සියලු දෙනාටද මේ උතුම් පින මේ උතුම් බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස උපකාර ධර්මයක්ම වේවා!!!සාදු සාදු සාදු!!!
Sadu sadu mage desath pinkaragatta. Utum u pin dekimen.