මෙම උතුම් බෝධි මණ්පයෙහි ප්‍රධාන බෝධීන් වහන්සේ වටා අලංකාර රන්වැටක් ඉදිකොට ඇති අතර මෙම පූජාව සිදුවන දිනයේ නානාවිධ සුවඳ පුෂ්පයන්ගෙන් මුළු බෝධි මණ්ඩපයම සරසා විදුලි බුබුළින් අලංකාර කොට තිබුනි. එදින අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත්වන මොහොතේ උන්වහන්සේට සෙවණ සලසාලූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහි කරමින් නොයෙක් අයුරින් සම්බුදු ගුණ සජ්ඣායනා කරමින් මල් පහන් සුවඳදුම් බෙහෙත් ගිලන්පස හා සැදැහැවතුන් විසින් රැගෙන ආ නානාවිධ පරිෂ්කාරයන්ගෙන් මෙම උතුම් බෝධීන් වහන්සේ පුද දෙනු ලැබීය. මෙම ශ්‍රී වර්ධන බෝධි මණ්ඩපය ඉදිකිරීමේ කටයුතු සඳහාත් එය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ උතුම් පින්කම සඳහාත් නන් අයුරින් ආධාර උපකාර කළ සැමටත් සහභාගී වූ සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිිණිස ම මේ සියලු පින් හේතුවාසනා වේවා! සියල්ලෝ ම මේ උතුම් පුණ්‍ය කර්මය දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා!
උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න...
4 Comments
Comments are closed.
sadhu……sadhu….sadhu…..!!!
ගෞතම බුදු සසුනේ ආශ්චර්ය දැකබලා අපිත් අනුමෝදන් වෙමු මේ පුණ්‍ය ක්‍රියාව……
සාධු ….. සාධු …… සාධු ……. !
නමෝ බුද්ධාය
නමෝ බුද්ධාය !
අනේ ඇත්තෙන්ම අහසින් පොලවට වැඩිය වගේ එතරම්ම සුන්දරයි. සාදු..සාදු…සාදු…!!! මෙම උතුම් පිංකම දැක බලා අනුමෝදන් වීමෙන්ද දායක වීමෙන්ද රැස්වූ පුණ්‍ය ධර්මයන් මේ ගෞතම සම්බුදුසසුනෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ විම පිණිසම එකසේ උපකාර වේවා! නමෝ බුද්ධාය!
sadu sadu anumodami!