8-3,4. ආදරය අපායක් වූදා(කුණ්ඩලකේසී තෙරණියගේ කථා වස්තුව)
ඇය හෙමින් හෙමින් අර සොරා වටේ කරකැවෙමින් එක වටයක් නිමවා වැළඳගෙන සිපගත්තා. දෙවන වටයත් නිමාකොට වැළඳගෙන සිපගත්තා. තුන්වෙනි වටයේදී සොරාගේ පිටුපසට පැමිණි ඇය ශරීරයේ මුළු වෙර යොදා අර සොරාව චෝර ප්රපාතයට තල්ලු කළා. ඔහුට සිතන්න වෙලාවක් නෑ. කෑ ගසමින් වැටී මරණයට පත්වුණා.