08 සහස්ස වර්ගය

8-16. බොහෝ දරුවන් සිටි භික්ෂුණියගේ කථා වස්තුව

2020-02-14T21:57:23+05:30January 13th, 2019|08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"කොතරම් මහළු වුණත් ඇය හරිම පින්වන්තයි. සිරියාවන්තයි. කවදාවත් කේන්ති ගත්තේ නෑ. නපුරු වචනයක් කිව්වේ නෑ. අනිත් භික්ෂුණීන් මොන වැඩක් කිව්වත් අමාරුවෙන් හරි එය කරදෙනවා. ඈ වත්පිළිවෙත් මග හැරියේ නෑ. මේ පියකරු පෙනුම ඇති ඉතා මහළු භික්ෂුණිය භික්ෂුණී සංඝයා අතර කැපී පෙනුණා."

Comments Off on 8-16. බොහෝ දරුවන් සිටි භික්ෂුණියගේ කථා වස්තුව

8-15. කිසා ගෝතමියගේ කථා වස්තුව

2020-02-14T22:00:33+05:30December 31st, 2018|08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“අනේ ස්වාමීනී, මට තේරුම් ගන්න බැරිව සිටිය දෙයක් අද වැටහුණා. දරුවාට තිබුණු අධික ආදරය නිසාමයි මේ හිත අවුල් වුණේ. සත්‍යය පිළිගන්න මේ සිතේ ඉඩක් තිබුණේ නෑ. මට පෙණුනේම දරුවාට පණ තියෙනවා කියලයි. භාග්‍යවතුන් වහන්සේ මට එය මා තුළින්ම තේරුම් ගන්න සැළැස්සුවා. අනේ ස්වාමීනී, මේ ඉපදෙන මැරෙන සසරෙන් එතෙර වෙන්නයි මට දැන් ඕන.”

Comments Off on 8-15. කිසා ගෝතමියගේ කථා වස්තුව

8-14. පටාචාරා තෙරණියගේ කථා වස්තුව

2020-02-14T21:57:38+05:30December 30th, 2018|08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

”පටාචාරා... ඉපදෙමින් මැරෙමින් යන මේ සසර ගමනේදී දූ පුතුන් නිසා, මව්පියන් නිසා, ස්වාමියා නිසා හැලූ කඳුළු සාගර ජලයට වඩා වැඩියි. මේ ඉමක් කොණක් නොපෙනෙන අතීතයක් උරුම කරගත් ගමනේදී සෑම සත්වයෙකුම ඔය ඉරණමට මුහුණ දිය යුතුයි. චතුරාර්ය සත්‍යාවබෝධ කරන තුරු මේ ගමනේ අවසානයක් නෑ.”

Comments Off on 8-14. පටාචාරා තෙරණියගේ කථා වස්තුව

8-13. සප්පදාස තෙරුන්ගේ කථා වස්තුව

2020-02-14T22:01:24+05:30December 29th, 2018|08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඒ නිසා තමන්ට බැරි යහපත් දෙයක් තව කෙනෙක් කරනවා නම් හොඳම දෙය එය අගය කිරීමයි. එය අගය කරන්නටවත් සිත නැමෙන්නේ නැත්නම් හොඳම දෙය නිශ්ශබ්දව සිටීමයි. එසේ නැති වුණොත් එවැනි දේකට කට දමා අනවශ්‍ය පව් රැස් කරගෙන යන්නට සිදුවුණෝතින් දුක් විඳින්නට සිදුවන්නෙත් තමාටමයි.

Comments Off on 8-13. සප්පදාස තෙරුන්ගේ කථා වස්තුව

8-12. ඛාණු කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ කථා වස්තුව

2020-02-14T22:02:13+05:30December 27th, 2018|08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“නැණවත්ව දැහැන් වඩන එක දවසත් උතුම්”

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් […]

Comments Off on 8-12. ඛාණු කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ කථා වස්තුව

8-11. සංකිච්ච සාමණේරයන්ගේ කථා වස්තුව

2020-02-14T21:58:13+05:30December 23rd, 2018|08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පැටියෝ..... නුඹ බේරුණේ අනූ නවයයි දශම නවයෙන්... නුඹේ අම්මා මළේ නුඹ මව්කුසේ සිටිද්දිමයි. සොහොන්පල්ලා අම්මා අළු වෙනකම් පිච්චුවා. ඒ වෙලාවෙත් නුඹ බේරුණා. ඉන් පස්සේ ඉතුරු දර එකතු කරලා දරුගැබත් ගිනි තිබ්බා. වැදෑමහ විතරක් පිච්චුණා. අපේ රත්තරන් පැටියා බේරුණා.... අපේ පින්වත් පැටියෝ....” කියලා හැමෝම වඩාගෙන සිඹිනවා.

Comments Off on 8-11. සංකිච්ච සාමණේරයන්ගේ කථා වස්තුව

8-10. ආයුවඩ්ඩන කුමාරයාගේ කථා වස්තුව

2020-02-14T21:58:21+05:30December 21st, 2018|08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පින්වත් මහණෙනි, ආයුෂ පමණක් වැඩිවෙලා නවතින්නේ නෑ. වීතරාගී ගුණවතුන්ට වන්දනා මානන කරද්දී කරදර කම්කටොලුත් නැතිවෙනවා. ආයුෂයත්, වර්ණයත්, සැපයත්, බලයත් කියන මේ හතරම වැඩෙනවා.”

Comments Off on 8-10. ආයුවඩ්ඩන කුමාරයාගේ කථා වස්තුව

8-9. සැරියුත් තෙරුන්ගේ යහළු බ්‍රාහ්මණයෙකුගේ කථා වස්තුව

2020-02-14T21:58:30+05:30December 20th, 2018|08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"සැරියුත් මහරහතන් වහන්සේ මොහු කෙරෙහි අනුකම්පා කොට බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ මහත් අනුකම්පාවෙන් දානයේ ඇති වෙනස්කම් ගැන කියලා දුන්නා. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට දෙන දානයට වඩා සිල්වත් කෙනෙකුට දෙන දානයෙහි අනුසස් වැඩියි. "

Comments Off on 8-9. සැරියුත් තෙරුන්ගේ යහළු බ්‍රාහ්මණයෙකුගේ කථා වස්තුව

8-8. සැරියුත් තෙරුන්ගේ ඤාති සහෝදරයෙකුගේ කථා වස්තුව

2020-02-14T21:58:38+05:30December 19th, 2018|08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පින්වත් බ්‍රාහ්මණය, ඇත්තෙන්ම ඔබ බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය දන්නෙ නෑ. ඔබේ ආචාර්යවරුවත් බඹ ලොවට යන මාර්ගය නම් දන්නෙ නෑ. හැබැයි අපගේ ශාස්තෘන් වහන්සේ නම් ස්ථිරවම බඹලොවට යන මාර්ගය දන්නවා. පින්වත් බ්‍රාහ්මණය, එන්න. මං ඔබව ශාස්තෘන් වහන්සේ ළඟට කැඳවාගෙන යන්නම්.”

Comments Off on 8-8. සැරියුත් තෙරුන්ගේ ඤාති සහෝදරයෙකුගේ කථා වස්තුව

8-7. සැරියුත් තෙරුන්ගේ මාමාගේ කථා වස්තුව

2020-02-14T22:03:33+05:30December 18th, 2018|08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“නැහැ පින්වත් බ්‍රාහ්මණය, ඇත්තෙන්ම ඔබ බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය දන්නෙ නෑ. ඔබේ ආචාර්යවරුවත් බඹ ලොවට යන මාර්ගය නම් දන්නෙ නෑ. හැබැයි අපගේ ශාස්තෘන් වහන්සේ නම් ස්ථිරවම බඹලොවට යන මාර්ගය දන්නවා. පින්වත් බ්‍රාහ්මණය, එන්න. මං ඔබව ශාස්තෘන් වහන්සේ ළඟට කැඳවාගෙන යන්නම්."

Comments Off on 8-7. සැරියුත් තෙරුන්ගේ මාමාගේ කථා වස්තුව
Go to Top