ඒහිපස්සික යි සදහම් ~ සිත පහදාගන්නේ…

2021-01-04T09:50:38+05:30October 21st, 2014|ගෞතම සසුනේ පිහිට ලබන්නට|

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට නුවණින් විමස විමසා බලන්න කියලා. දැන් නුවණින් විමස විමසා බලන්න කියනවා ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන. ඊළඟට නුවණින් විමස විමසා බලනකොට මේක අනිත්‍යයි, මේක දුකයි, මේක තමාගේ වසඟයේ පවත්වන්න බැරි (අනාත්ම) දෙයක් ය කියලා අවබෝධ වෙන්න වෙන්න, අපට මේකෙන් නිදහස් වෙන්න ඕන වෙනවා.