ගෞතම සසුනේ පිහිට ලබන්නට

ආර්යකාන්ත සීලය (v)

2019-08-17T19:18:20+05:30October 21st, 2014|ගෞතම සසුනේ පිහිට ලබන්නට|

තථාගත ශ‍්‍රාවකයා මෙලොව පරලොව අයහපත පිණිස පවතින, බය වෛර හටගන්නා වූ මේ කරුණු අවබෝධ කරගෙන ඒවායින් බැහැර වෙනවා. ශ‍්‍රාවකයා බය වෛර හටගන්නා වූ කරුණු වලින් අවබෝධයෙන්ම බැහැර වෙලා පංච සීලයෙහි වාසය කරනවා. එයා පංච සීලය ආරක්ෂා කරන්නේ නිවන් මගේ මාර්ග අංගයක් හැටියට.

Comments Off on ආර්යකාන්ත සීලය (v)

ආර්යකාන්ත සීලය (iv)

2019-08-17T19:15:57+05:30October 21st, 2014|ගෞතම සසුනේ පිහිට ලබන්නට|

කේලමෙන් කරන්නේ, මෙතැනින් අහගෙන ගිහිල්ලා එතැන කියනවා. එහෙම කිව්වහම පිරිස බිඳෙනවා. ඊළඟට එතැනින් අහගෙන ඇවිල්ලා මෙතැන කියනවා. කිව්වාම මෙතැන බිඳෙනවා. මේකට කියන්නේ කේලම් කීම කියලා. කේලාම් කීම තුළ, සම්පූර්ණ සමගිය නැතුව යනවා. මේකේ කේලමේ ස්වභාවය තියෙනවා. කේලමේ ස්වභාවය තමයි, (සමග්ගානං වා භෙත්තා) සමගි වූ අය බිඳිලා යනවා. (භින්නානං වා අනුප්පදාතා) බිදුණු අය තවත් බිඳෙනවා. (වග්ගාරාමෝ) එයා ඒක කරන්නේ බිඳවන්න කැමැත්තෙන්. (වග්ගරතෝ) පිරිසව කඩාකප්පල් කරන්න කැමැත්තෙන්. (වග්ගනන්දී) පිරිසව කඩාකප්පල් කිරීමේ සතුටුවෙලා. (වග්ගකරණීං වාචං භාසිතා හෝති) ඒ පිරිසව විනාශ කරන්න තමයි ඒක කරන්නේ.

Comments Off on ආර්යකාන්ත සීලය (iv)

ආර්යකාන්ත සීලය (iii)

2020-10-29T16:18:34+05:30October 21st, 2014|ගෞතම සසුනේ පිහිට ලබන්නට|

වැරදි කාම සේවනයෙන් වැළකීම නිසා ඒ හේතුවෙන් හටගන්නා වූ බය වෛර ප‍්‍රහාණය වෙනවා. වැරදි කාම සේවනයෙන් හටගන්නා වූ යම්තාක් අකුසල් ඇද්ද ඒ අකුසල් ප‍්‍රහාණය වෙනවා. කුසල් වැඩෙනවා. අපි බටහිර සමාජය ගනිමු. බටහිර කියන්නේ වැරදි කාම සේවනය තදින්ම තියෙන සමාජයක්නේ. වැරදි කාම සේවනයත් තියෙනවා, විකෘති කාම සේවනයත් තියෙනවා. කොයිතරම් බරපතල විදිහට මිනිසුන්ගේ මනස විකෘති වෙලාද? මේවා කොහෙන් ඉවර වෙයිද? ඒ අය බොහෝ විට උපදින්නේ එක්කෝ නිරයේ, එහෙම නැත්නම් ඉතින් තිරිසන් ලෝකයේ.

ආර්යකාන්ත සීලය (ii)

2020-10-29T16:13:11+05:30October 21st, 2014|ගෞතම සසුනේ පිහිට ලබන්නට|

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, සොරකමත් බය වෛර හටගන්නා කාරණාවක්. බලන්න, අප අතරේ සොරකම් කිරීම කියන එක නැත්නම් අපට ‘අපේ දේවල් නැතිවෙයිද?’ කියලා බයක් හටගන්නේ නෑනේ. කවුරු හරි අපේ දෙයක් සොරකම් කළොත්, ඒ සොරකම් කරපු කෙනා කෙරෙහි අපට බයක්, වෛරයක් හටගන්නවානේ. එහෙම නම් මේ සොරකම බය වෛරය හටගන්න හේතුවක්. ඊට පස්සේ ඒ සොරකම නිසා හැමතිස්සේම එකිනෙකා කෙරෙහි බලන්නේ සැකයෙන්.

Comments Off on ආර්යකාන්ත සීලය (ii)

ආර්යකාන්ත සීලය …

2020-10-29T16:01:44+05:30October 21st, 2014|ගෞතම සසුනේ පිහිට ලබන්නට|

පංච සීලයේ පළවෙනි සිල්පදය, ‘(පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි) සතුන් මැරීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි.’ සතුන් මැරීම ගැන බුදුරජාණන් වහන්සේ මොන විදිහටද පෙන්වා දුන්නේ කියලා අපි දැනගන්න ඕන. මේක දුෂ්චරිතයක්. දුෂ්චරිතයක් කියන්නේ නරක දෙයක්, වැරදි දෙයක්, නොමනා දෙයක්, බාලයෙකුගේ ක‍්‍රියාවක්, අසත්පුරුෂයෙකුගේ ක‍්‍රියාවක්. එතකොට යම්කිසි කෙනෙක් පාණාතිපාතා කියන දුෂ්චරිතය කළොත්, එයා තුළ අකුසල් වැඩෙනවා.

Comments Off on ආර්යකාන්ත සීලය …

ලොවට උතුම් පින්කෙත වූ ශ්‍රාවක නමදින්නේ…

2019-08-17T19:07:00+05:30October 21st, 2014|ගෞතම සසුනේ පිහිට ලබන්නට|

බලන්න… ඒ ශ‍්‍රාවක සංඝයා කෙරෙහි විශාඛාව තුළ පැහැදීම තිබිච්ච හැටි. විශාඛාව බුදුරජාණන් වහන්සේගෙන් වර කිහිපයක් ඉල්ලුවා. ඒ ඉල්ලපු එකක් තමයි, ”ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ආගන්තුකව මේ සැවැත් නුවරට වඩින සියලූම ස්වාමීන් වහන්සේලා මගේ මේ පූර්වාරාමයට වැඩම කරලා ආගන්තුක දානය වළඳන්න, ආගන්තුක දානය දීමේ අවසරය මට දෙන්න” කිව්වා.

Comments Off on ලොවට උතුම් පින්කෙත වූ ශ්‍රාවක නමදින්නේ…

නේක ගුණැති සඟරුවන වඳින්නේ…

2019-08-17T19:04:47+05:30October 21st, 2014|ගෞතම සසුනේ පිහිට ලබන්නට|

බුද්ධ ශාසනයක විතරයි දස කථා අහන්න ලැබෙන්නේ. ඒ දස කථා තමයි අප්පිච්ඡ කථා. අප්පිච්ඡ කථා කියන්නේ ආශාවන් අඩු, ආශාවන් නැතිව ජීවත්වීම ගැන කතා කරනවා. මේ ධර්ම මාර්ගයට ආපු එක් කෙනා එහෙම කතා කරන්නෙ නැත්නම් ටික ටික ඒක වැඩිවෙනවා. එතකොට රහතන් වහන්සේලා අතර, රහතන් වහන්සේලාගේ පරිසරය තුළ ගොඩක් මාර්ගඵලලාභීන් බිහි වෙන්නේ ඒකයි. මේ දස කථාව නිසා. සාමීචිපටිපන්න නිසා.

Comments Off on නේක ගුණැති සඟරුවන වඳින්නේ…

ආර්ය මහා සංඝරත්නය සුපටිපන්න වන සේක…

2019-08-17T19:01:32+05:30October 21st, 2014|ගෞතම සසුනේ පිහිට ලබන්නට|

හරි පුදුමයි මේ ලෝකේ… උදාර මනුෂ්‍යයන්ව ඔබ දකින්න ඕන නම් මම පරිවර්තනය කරලා තියෙනවා “ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා” කියලා ‘ථේර ථේරී ගාථා’. ලෝකයේ ශ්‍රේෂ්ඨම අය දකින්න ඕන නම්, අන්න ඒවා කියවන්න ඕන. මේ ලෝකෙ ශ්‍රේෂ්ඨම අයගේ ගති, ඒ අය හිතපු ඒවා, අදහස් ඔක්කෝම තියෙනවා. ඒක අපි සීඞී එකකට හදලා තියෙනවා “ථේර ගාථා” කියල. හරි වටිනවා. ඒක අහද්දි ඒ යුගයට අපිව යනවා. අතිශයින්ම සුන්දරයි බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය. ඒ ශ‍්‍රාවක සංඝයාගේ ගුණ අපි හිතන්නේ නැත්නම්, අපිට අවබෝධ වෙන්නෙ නැත්නම්, අපේ හිත පහදින්නේ නෑ.

Comments Off on ආර්ය මහා සංඝරත්නය සුපටිපන්න වන සේක…

ආර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම

2019-08-17T18:59:01+05:30October 21st, 2014|ගෞතම සසුනේ පිහිට ලබන්නට|

උන්වහන්සේ බරණැසට වැඩම කරපු වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේලා එකපාරට පිළිගත්තද? නෑ… මොකද අර මතයේ හිටපු නිසා. ඈතම දැක්කා බුදුරජාණන් වහන්සේ වඩිනවා. දැකපු වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලාගේ සිතේ ඇතිවුන අදහස මොකක්ද?… ‘ඔය එන්නෙ අපි ලඟට අන්තිමට. අන්තිමට අපි ලඟටම ඔය එන්න වුනේ’ කියලා හිතුනා. හිතිල කතාකර ගත්තා. ‘උසස් කුලේක නිසා අපි ආසනයක් විතරක් තියමු. අපි සළකන්න යන්න ඕන නෑ’ කියලා.

Comments Off on ආර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම

සරණ යමු අපිත් ඒ මිහිරි දම් අමා දුන්…

2019-08-17T18:54:42+05:30October 21st, 2014|ගෞතම සසුනේ පිහිට ලබන්නට|

ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ”ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූ” කියන ලක්ෂණයෙන් යුක්තයි. ”ධම්මං සරණං ගච්ඡාමි” කියලා අපි සරණ යන්නේ ඒ ධර්මයයි කියන තැනට අපි එන්න ඕන. එතකොට ඔය විදිහට ධර්මය තේරුම් අරගෙන සිත පහදින්න නම් අපට යම්කිසි නුවණක් ඕන නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මාගේ මේ ධර්මය ”ප‍්‍රඥාවන්තයින් උදෙසා” කියලයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන, බුදුරජාණන් වහන්සේගේ ධර්මය හඳුනාගන්නේ ප‍්‍රඥාවන්ත කෙනෙක්. අපට ප‍්‍රඥාවන්ත කෙනා මොන විදිහද කියලා එක පාරට හොයන්න බෑ.

Comments Off on සරණ යමු අපිත් ඒ මිහිරි දම් අමා දුන්…
Go to Top