පසේබුදුවරු

රස ගැන නොඇලී වසමුද මෙලෙසේ

2025-10-11T17:31:14+05:30October 30th, 2014|අසිරිමත් පසේබුදු පෙළහර|

“ඇත්තෙන්ම යහපත් මිතුරන්ගේ ඇසුරමයි අපි ප‍්‍රශංසා කරන්නේ. යහළුවන් ඇසුරු කිරීමේදී එක්කො තමන්ට වඩා ශ්‍රේෂ්ඨ උදවිය විය යුතුයි. එක්කො තමා හා සමාන උදවිය විය යුතුයි. එවැනි යහළුවන් ඇසුරට නොලැබෙන විට වළඳන ආහාරයේ පවා නොඇලෙමින්, නොගැටෙමින් වැළඳිය යුතුයි. එතකොට ඔහු හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

පුරුදු කල සිහිය ඇසුරෙන් පසේබුදු වූ අසිරිය

2025-10-11T17:31:10+05:30October 30th, 2014|අසිරිමත් පසේබුදු පෙළහර|

“ඉදින් කෙනෙකුට අවස්ථාවෝචිත ප‍්‍රඥාවෙන් යුක්ත, වීරියවන්ත යහළුවෙක් තමන්ගේ ආශ‍්‍රයට සුදුසු ආකාරයට ලැබෙන්නේ නැත්නම්, ඔහු කළ යුත්තේ මෙයයි. දිනපු රට අත්හැර යන රජෙක් වගේ හැසිරිය යුත්තේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

Comments Off on පුරුදු කල සිහිය ඇසුරෙන් පසේබුදු වූ අසිරිය

අනිත්‍ය වූ ගස දැක පසේබුදු වූ අසිරිය

2021-03-06T09:00:18+05:30October 30th, 2014|අසිරිමත් පසේබුදු පෙළහර|

“ගිහි ජීවිතයක ඇති ආටෝප සාටෝප සාඩම්බර සාලංකාරී ගති ඉවත් වූ විට මේ කොළ හැලිච්ච කොබෝලීල රුක වගේමයි. වීරියවන්ත පුද්ගලයා ගිහි බන්ධන සිඳ බිඳ දමා විමුක්තිය කරා යනවා. ඊට පස්සේ ඔහු නිදහස්. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

Comments Off on අනිත්‍ය වූ ගස දැක පසේබුදු වූ අසිරිය

නෙලුම් මලින් ඉපදුන පසේබුදුවරයන් වහන්සේ

2021-02-08T21:12:53+05:30October 30th, 2014|අසිරිමත් පසේබුදු පෙළහර|

“තොණ්ඩුවකට හසු නොවී ඉන්න මුවා නිදහසේ මයි වනයේ හැසිරෙන්නේ. තණ කොළ බුදින්නට කැමති කැමති අයුරින් ඒ සතා නිදහසේ යනවා. බුද්ධිමත් මනුෂ්‍යයා කිසිවෙකුට නොබැඳී ස්වෛරීව නිදහසේ ජීවත් වීමට මං සොයනවා නම්, මාත් දැන් ඒ වගේ කෙනෙක්. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

Go to Top