විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් යහපත් අනාගතයක් ගොඩනගනු වස් සිහින දකින වත්මන් තරුණ පරපුරට, යහපත – අයහපත පෙන්වා දී හැඟීම්බර, සංවේදී සහ ආවේගශීලී තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළින් සුවපත් කරනු පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතය සහ ශ්‍රද්ධා රූපවාහිනිය එක්ව සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන’ සදහම් වැඩසටහන 2025 පෙබරවාරි 15 වැනි දින 15000කට අධික තරුණ පිරිසකගේ සහභාගීත්වයෙන් කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේදී අතිසාර්ථකව නිමාවට පත්විය.

ගරුතර මහා සංඝ රත්නයටත්, මෙම වැඩසටහන සඳහා නන් අයුරින් දායක වූ, උපකාර කළ සැමටත්, සහභාගී වූ සැම දෙනාටත් මේ උතුම් ධර්මදානමය පින මේ ගෞතම බුදු සසුනේදී ම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම හේතු වාසනා වේවා!

එම සම්පූර්ණ වැඩසටහන ඔබට පහතින් නැරඹිය හැකියි. 👇
කැමරා කාචයට හසු වූ එම වැඩසටහනේ සොඳුරු දසුන් පෙළක් ඔබට පහතින් නැරඹිය හැකියි. 👇