අද දිනත් මහමෙව්නාවේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් උදෑසන 8 සිට 9 දක්වාත් දහවල් 1 සිට 2 දක්වාත් රාත්‍රී 8 සිට 9 දක්වාත් ගර්භනී මාතාවන්ට සෙත්පතා අංගුලිමාල පිරිත සජ්ඣායනා කොට පිරිත් පැන් හා පිරිත් නූල් ලබාදෙනු ලැබුවා.
අද දින මල් සැරසිලි හා පූජා ද්‍රව්‍ය පිළියෙල කිරීම සිදු කරනු ලැබුවේ කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ සැදැහැවතුන් හා යොවුන් ශ්‍රාවක දරුදැරියන් විසිනුයි. මේ දින හත පුරාවටම පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුන් සියලු දෙනාත් යොවුන් බෝධිඥාන සභාවේ දරුදැරියනුත් මෙම පින්කමේ කටයුතු සාර්ථක කරගැනීම පිණිස මහත් වෙහෙසක් ගනු ලබනවා.
ඒ පින්වත් සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවපත් භාවය පිිණිසත් උතුම් ධර්මාවබෝධය පිණිසත් මේ පින් හේතු වාසනා වේවා!