පගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, මහා අනුකම්පා ඇති, නිකෙලෙස් ගුණයෙන් බබළමින් වැඩසිටි ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා අද දිනත් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගයේදී සැදැහැවතුන් හට සිත්සේ දැකබලා වන්දනා කරගැනීම පිිණිස ප්‍රදර්ශනය කරන්නට යෙදුනා.

අද දින මල් සැරසිලි හා පූජා ද්‍රව්‍ය පිළියෙල කිරීම සිදු කරනු ලැබුවේ ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ සැදැහැවතුන් හා යොවුන් ශ්‍රාවක දරුදැරියන් විසිනුයි. මේ දින හත පුරාවටම පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුන් සියලු දෙනාත් යොවුන් බෝධිඥාන සභාවේ දරුදැරියනුත් මෙම පින්කමේ කටයුතු සාර්ථක කරගැනීම පිණිස මහත් වෙහෙසක් ගනු ලබනවා.

ඒ පින්වත් සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවපත් භාවය පිිණිසත් උතුම් ධර්මාවබෝධය පිණිසත් මේ පින් හේතු වාසනා වේවා!

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, මහා අනුකම්පා ඇති, නිකෙලෙස් ගුණයෙන් බබළම…

Posted by Mahamevnawa Buddhist Monastery on Monday, October 19, 2015