නමෝ බුද්ධාය!
එය තවදුරටත් පුළුල් කරමින් අන්සාන් නගර මධ්‍යයේ නව ගොඩනැගිල්ලක මහල් 2 කින් සමන්විතව මනා පහසුකම් සහිතව, සියලු දෙනාට පහසුවෙන් ලගා විය හැකි අයුරින් ඉදිවු රමණීය විහාර මන්දිරය සහිත වු මෙම ආරමය 2016 ක්වු පොසොන් මස 5 වන ඉරු දින ගෞතම බුදු සසුනට පුජා කරන ලදි. මේ අසිරිමත් පිංකමට ශ්‍රී ලාංකීක මෙන්ම කොරියානු ජාතික පින්වත් ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩම කරන ලදි . කොරියාව තුල ශ්‍රී ලාංකා ජනරජය නියෝජනය කරන තානාපති මනීෂා ගුණසේකර මහත්මිය ප්‍රධාන ශ්‍රී ලාංකීක මෙන්ම කොරියානු ජාතික පින්වතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අති උත්කර්ශවත් ලෙස මෙම පිංකම සිදු කරන ලදි. මෙම අසිරිමත් පින්කම පිං කැමැති සියල්ලෝ සතුටින් අනුමෝදන් වෙත්වා! සාදු! සාදු!! සාදු!!!
Sadu Sadu Sadu
sadu sadu sathutin anumoodam wenawa. budurajanan wahanseeta namaskara weeva.
නමෝ බුදධාය
අපගේ භාග්‍යවතුන්වහන්සේගේ ආශ්චර්ය…අසිරිය…. කොඉතරම්ද. අනේ හරි ම සතුටක් අතිඋනා අලුත් මහමෙව්නාව අසපුවේ පින්බර දසුන් දැකලා. පැහැදුණු සිතින් සතුටින් අනුමෝදන් උනා. මහමෙව්නාව නමැති සුන්දර අමා පැන් පොකුණ නොසිදී බොහෝ කලක් ගලා බ සින සේක්වා! සාද..සාදු..සාදු……..නමෝ බුද්ධාය!