නමෝ බුද්ධාය!

ශ්‍රී මත් සුගත තථාගත අප ශාස්තෘන් වහන්සේගේ නිර්මල දහම ලොවපුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් අප ගුරුදේවෝත්තම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් අරඹන ලද මහමෙව්නාව නම්වු පුණ්‍ය ආයතනයේ තවත් එක් ශාඛාවක් දකුණු කොරියාව තුල ආරම්භ කරන ලදි. ඒ මීට අවුරුදු 2 කට ඉහත දීය.

එය තවදුරටත් පුළුල් කරමින් අන්සාන් නගර මධ්‍යයේ නව ගොඩනැගිල්ලක මහල් 2 කින් සමන්විතව මනා පහසුකම් සහිතව, සියලු දෙනාට පහසුවෙන් ලගා විය හැකි අයුරින් ඉදිවු රමණීය විහාර මන්දිරය සහිත වු මෙම ආරමය 2016 ක්වු පොසොන් මස 5 වන ඉරු දින ගෞතම බුදු සසුනට පුජා කරන ලදි.

මේ අසිරිමත් පිංකමට ශ්‍රී ලාංකීක මෙන්ම කොරියානු ජාතික පින්වත් ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩම කරන ලදි . කොරියාව තුල ශ්‍රී ලාංකා ජනරජය නියෝජනය කරන තානාපති මනීෂා ගුණසේකර මහත්මිය ප්‍රධාන ශ්‍රී ලාංකීක මෙන්ම කොරියානු ජාතික පින්වතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අති උත්කර්ශවත් ලෙස මෙම පිංකම සිදු කරන ලදි. මෙම අසිරිමත් පින්කම පිං කැමැති සියල්ලෝ සතුටින් අනුමෝදන් වෙත්වා!

සාදු! සාදු!! සාදු!!!