නාගතයේ බුදුසසුන බබලන මේ ලංකා ද්වීපය සම්බුදු පහසින් පවිත්‍රවත් කරවනු පිණිස ශ්‍රී සම්බුද්ධතයෙන් නවමසක් ඉක්ම ගිය ඒ පින්බර දුරුතු පුන්පොහෝ දිනයේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණෝ ප්‍රථම වරට මේ ලක් දෙරණට වැඩම කොට වදාළ සේක. එමෙන්ම ප්‍රථම වරට ලක්දිව ඉදිවූ මියුගුණ මහා සෑ රජාණන් ද එම පින්බර දුරුතු පුන් පෝදිනයේදී ඉදිවිණි. මේ පින්බර දිනයේදී බුදු සසුනේ අසිරිමත් සිදුවීම් සිහි කරමින් දිවයිනේ නන් දෙස විසිරී ඇති මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන් කේන්ද්‍ර කරගනිමින් සුවිෂේශී පින්කම් රාශියක් සිදුවිය.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාක කිරීමේ පුණ්‍ය කර්මය යටතේ තවත් පොත් කට්ටලයන් 06 ක් දිවයින පුරා විහාරස්ථාන, දහම්පාසැල්, පාසැල්, පුස්ථකාල ආදී ආයතනයන් සඳහා පිරිනැමීමේ මාහැඟි පුණ්‍යකර්මය පින්බර දුරුතු පුන් පොහෝ දින (2015/01/04) පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී ද මාතර මහා විහාරයේදී ද පරිත්‍යාග කරන ලදි.

මෙම උතුම් ධර්ම දානමය පුන්‍යකර්මයෙන් ජනිත සියලු පුණ්‍ය ධර්මයන්, පොත් කට්ටල් බෙදා දීම සඳහා මහත් ශ්‍රද්ධාවෙන් යතුව පරිත්‍යාගයන් ලබා දුන් සියලු පින්වතුන්ටත්, පින් කැමති සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා…!

ශ්‍රී බුද්ධ වර්ෂ 2558ක් වූ පින්බර දුරුතු පුන් පොහෝ දින (2015 ජනවාරි 04 දින) සදහම් පොත් කට්ටලයන් ලද ආයතනයන්

  • 01. සුධර්මාරාම දහම් පාසල, සුධර්මාරාමය, උඩවෙල, වැලිපැන්නගහමුල්ල.
  • 02. මාර/ කළුබෝවිටියන මහා විද්‍යාලය, කළුබෝවිටියන, මාතර
  • 03. පන්නල ප්‍රාදේශීය සභාවේ ඥානප්‍රදීප පුස්තකාලය, පන්නල.
  • 04. මහජන පුස්තකාලය, කහටගස්දිගිලිය, අනුරාධපුරය.
  • 05. රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, නො. 07, බොරුපන පාර, රත්මලාන.
  • 06. සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය, මූලික රෝහල, තංගල්ල