මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ (2018) දෙසැම්බර් මාසයේදී ද සදහම් පොත් කට්ටල් 15 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. මෙම මස සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ,

  1. ගරු විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනය, රජ්ගම, ගාල්ල.
  2. ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී රාහුල විහාරය, යොවුන්ගම, හල්කඳවිල.
  3. ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී අසෝකාරාම යෝගාශ්‍රමය, පාතමුල්ල, කනත්තේවැව.
  4. ගරු ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ, ශ්‍රී ඛේමානන්ද දහම් පාසල, යටන්වල, රුවන්වැල්ල.
  5. ගරු ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ, ශ්‍රී සුසීමාලංකාර දහම් පාසල, චන්දනගම, දෙහිඅත්තකණ්ඩිය.
  6. ගරු විදුහල්පතිතුමා, ශාන්තිපුර විද්‍යාලය, ශාන්තිපුර, නුවරඑළිය.
  7. ගරු විදුහල්පතිතුමා, උඩුගම බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය, යටගම, රඹුක්කන.
  8. ගරු ප්‍රධානාචාර්යතුමිය, ශ්‍රී සුචරිත දහම් පාසල, පාතමුල්ල, කනත්තේවැව.
  9. ගරු ප්‍රධානාචාර්යතුමා, ශ්‍රී ඛෙත්තාරාම දහම් පාසල, දොඹේමඩ, රඹුක්කන.
  10. ගරු ප්‍රධානාචාර්යතුමා, මහින්දාලෝක දහම් පාසල, පලාපත්වල, මාතලේ.
  11. ගරු ලේකම්තුමිය, ‘මෛත්‍රී’ සුභසාධක සමිතිය, නාරම්පොල, යටිගල්ඔළුව.
  12. ගරු ලේකම්තුමිය, ‘දියත’ යෞවන සමාජය, රෝහල අසල, මහපල්ලේගම.
  13. ගරු පුස්තකාලයාධිපතිතුමිය, මහජන පුස්තකාලය, මිනුවන්ගැටේ.
  14. ගරු සංස්කෘතික සංවර්ධන සහකාර නිළධාරිනිය, සංස්කෘතික අංශය, ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, කුලියාපිටිය. (බටහිර)
  15. ගරු ලේකම්තුමා, කඳුරට රමණී ප්‍රජා මණ්ඩලය, පෝඬාපේ, අරණායක.

සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා!

ඔබටත් මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදිය හැකියි.