නමෝ බුද්ධාය !
අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විස්මිත විජයග්‍රහණය වන ශ්‍රී සම්බුද්ධත්වය
මින් වසර 2600 කට පෙර දඹදිව නේරංජරා නදිය අසබඩ බෝ සෙවණෙහි දී වජිරාසනය මත වැඩ හිඳ සාක්ෂාත් කරන ලදී.
ඒ සමඟ ම නුවණැති දෙව් මිනිසුන් හට අසිරිමත් විමුක්ති යුගයක් උදා විය.
අප භාග්‍යවතුන් වහන්සේගේ එකී සම්බුද්ධත්වයට උපහාර පිණිස මහමෙව්නාව භාවනා අසපුව මඟින් මහත් ශ්‍රද්ධාවෙන් ඉදිකරන ලද
සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල් අභියස පූජා වේවා !
ආශීර්වාදය
මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි මහෝපාධ්‍යාය අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ නිකායෙහි මහානායක ධුරන්ධර අතිගෞරවාර්හ
දොඩම්පහළ ශ්‍රී චන්දසිරි මහානායක ස්වාමිපාදයාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය
සැදැහැබර විවෘත කිරීම
තිස් වසරක බිහිසුණු ත්‍රස්තවාදයෙන් අප මාතෘ භූමිය ගලවා ගත් විසි එක් වන සියවසයේ සාමයේ නියමුවාණන් වන
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසිනි.
සැදැහැබර සහභාගීත්වය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්
උත්සව කමිටුවේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මැතිතුමා
ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොල්ඩෙජ් වොරචැට් මැතිතුමා
ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති යූ. මියෝ ල්වින් මැතිතුමා
ශ්‍රී ලංකාවේ චීන තානාපති වූ ජියන්ඝාවෝ මැතිතුමා
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හෝබෝ මැතිතුමා
ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති අශෝක් කේ. කාන්තා මැතිතුමා
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන තානාපතිනි සීමා ඉල්ලාහි බැලොච් මැතිණිය
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි පැට්‍රීසියා ඒ. බුටේනිස් මැතිණිය
ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති ජෙන්ස් යූවේ ප්ලොට්නර් මැතිතුමා
සැදැහැබර දායකත්වය
මහමෙව්නා වාසී මහා සංඝරත්නය සහ මහමෙව්නාව භාවනා අසපුවට සම්බන්ධ සැදැහැවත් උපාසක උපාසිකා පිරිස විසිනි.
පින් කැමැත්තෝ මේ සියළු පින් අනුමෝදන් වෙත්වා !
ශ්‍රී සම්බුද්ධත්වයෙන් වසර 2601 ක් වූ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2556 ක් වූ ඇසළ මස 02 වන සඳු දින දී ය.
(ව්‍යවහාර වර්ෂ 2012 ක් වූ ජූලි මස 02 වන සඳුදා දින)
Leave A Comment