අද අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල අනුස්මරණය කෙරෙන වෙසක් පුන් පොහෝ දවසයි. අයහපත් කාලගුණ තත්වයක් පැවතියද බොහෝ දෙනෙක් අද දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපෝසථ සිල් සමාදන්ව සීල භාවනා වැඩසටහනට සම්බන්ධ වී සිටියා. කුඩා දරුවන් වෙනුවෙන්ද විශේෂ දහම් වැඩසටහනක් පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් පවත්වනු ලැබුවා. උපෝසථ සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට දන්පැන් ගිලන්පස ආදියෙන් උපස්ථාන කොට තවත් පිරිසක් බොහෝ පින් රැස් කරගත්තා. උතුම් තෙමඟුල සිහි කරමින් අද දවසේ ආමිෂ පූජාවෙනුත් ප්‍රතිපත්ති පූජාවෙනුත් අප විසින් භාග්‍යවතුන් වහන්සේට පූජා පැවැත්වුවා. පහත ඡායාරූප වලින් ඔබට දිස්වන්නේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව සහ සිරි ගෞතම දම්සක් මහාසෑය මුළුමනින්ම විදුලි බුබුළින් අලංකාර කොට අසපුවේ පරිසරයත් නොයෙක් වෙසක් සැරසිලි වලින් අලංකාර කොට තිබෙන අයුරුයි.