වෙසක් පුන් පොහෝ දින සීල භාවනා වැඩසටහන ශ්‍රද්ධා රූපවාහිනී සජීව විකාශය මේ පින්බර වෙසක් සමයේ දී |
|
සිරිලක මුදුන් මල්කඩ සමනල ගිරිහිස පිහිටුවා වදාළ උතුම් ශ්‍රී පාද පත්ම වන්දනාව සවස 5.30 සිට 7 දක්වා |
|
උතුම් සම්බුද්ධත්වය පිණිස අප මහ බෝසතාණන් වහන්සේට සෙවණ සලසාලූ සිරි ගෞතම බෝධි වන්දනාව සවස 5.30 සිට 7 දක්වා |
|
අප දම් රජාණන් වහන්සේගේ උතුම් ධර්මචක්ර ජයන්තියට උපහාර පිණිස ඉදිවූ දම්සක් මහා සෑ වන්දනාව සවස 5.30 සිට 7 දක්වා |
මේ පින්බර වෙසක් සමයේ පින්වත් මහා සඟරුවන හා එක්ව දහම් සජ්ඣායනා කරමින් උතුම් ධර්මයේ ආශිර්වාදය ලබන්නට පින්වත් ඔබට කෙරෙන පින්බර ඇරයුමයි…!
වෙසක් මස 01 වැනි දින සිට 08 වැනි දින දක්වා සෑම දිනකම රාත්‍රී 7.00 සිට 8.30 දක්වා උතුම් ධර්ම දේශනාවක් ද පැවැත්වේ..
උතුම් තෙරුවනේ අනන්ත ගුණස්කන්ධයේ අනුසස් සැලසෙන තුන් බිය දුරලූ උත්තම ධර්ම දේශනය – රතන සූත්‍රය ඇසුරින් |
|
ධර්ම භාණ්ඩාගාරික අනඳ මහ තෙරුන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය ධර්ම දේශනය – මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් |
|
ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය ධර්ම දේශනය – අරිය පරියේසන සූත්‍රය ඇසුරෙන් |
|
ධුත ගුණයෙන් අග තැන්පත් සසුන් බර දැරූ මහා කස්සප මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය සංයුත්ත භාණක පරපුර මතකයේ දරාගත් ධර්ම දේශනය – අභිසමය සංයුත්තය ඇසුරින් |
|
ධුත ගුණයෙන් අග තැන්පත් සසුන් බර දැරූ මහා කස්සප මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය සංයුත්ත භාණක පරපුර මතකයේ දරාගත් ධර්ම දේශනය – සෝතාපත්ති සංයුත්තය ඇසුරින් |
|
දිවැස්ලාභීන් අතර අග්‍ර වූ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය ධර්ම දේශනය – නගරූපම සූත්‍රය ඇසුරෙන් |
|
තුන්ලොවට ම මහා ප්රඥාලෝකය වූ සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනය – අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි |
|
පසළොස් භාණක පරපුර විසින් මතකයේ දරාගත් ධර්ම දේශනය – ධම්මපදය ඇසුරින් |
වෙසඟේ ලොව ඉපදී, වෙසඟේ ලොව ජයගත් සීල සමාදානය ශ්‍රී සම්බුද්ධ චරිතාපදානාභිවන්දනා |
උතුම් සම්බුද්ධත්වය පිණිස අප මහ බෝසතාණන් වහන්සේට සෙවණ සලසාලූ ධර්ම දේශනය – සවස 4 සිට 5 දක්වා සිරි ගෞතම බෝධි වන්දනාව |
|
ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා දරා වැඩහිඳිමින්, අප සැමට සෙත සලසන ධර්ම දේශනය – සවස 4 සිට 5 දක්වා ස්වර්ණමාලී මහා සෑ වන්දනාව |
|
කල්ප සියයක් ඇතුළත ලොව පහළ වී, දම්ගොස පතුරුවමින් ලොවම පුවපත් කළ, ධර්ම දේශනය – සවස 4 සිට 5 දක්වා අසිරිමත් සත්බුදු වන්දනාව |
|
හුදෙකලාවේ ම නිවන් සුව ලැබ, හුදෙකලාවේ ම නිවන් සුව විඳ, ධර්ම දේශනය – සවස 4 සිට 5 දක්වා අසිරිමත් පසේබුදු වන්දනාව |
|
වෙසඟේ ලොව ඉපදී, වෙසඟේ ලොව ජයගත් සීල සමාදානය – උදෑසන 6 සිට පසුදින උදෑසන 6 දක්වා සම්බුුද්ධත්ව වන්දනාව |
නොයෙකුත් වෘත්තීන්හී නියැලෙන පින්වතුන් සඳහා පවත්වනු ලබන උදෑසන 8 සිට සවස 4 දක්වා – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී |
|
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පවත්වනු ලබන උදෑසන 8 සිට සවස 4 දක්වා – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී |
|
තරුණියන් (වයස අවු 15-35) සඳහා පවත්වනු ලබන උදෑසන 8 සිට සවස 4 දක්වා – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී |
|
උතුම් බුද්ධෝපස්ථානයක් ලෙස සිදුකරනු ලබන ගිලානෝපස්ථාන පින්කම දිනය පුරාවට – අනුරාධපුර මහ රෝහලේ දී |
|
පාසැල් ළමුන් සඳහා පවත්වනු ලබන ස්වර්ණමාලි මහා සෑ වන්දනාව |
|
ළමා සදහම් වැඩසටහන උදෑසන 8 සිට සවස 4 දක්වා – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී |
|
යොවුන් දූ දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන උදෑසන 8 සිට සවස 4 දක්වා – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී |
|
විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල, බාහිර උපාධි අයතන, පුද්ගලික පන්ති වල අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් සඳහා උදෑසන 8 සිට සවස 4 දක්වා – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී |
|
ගර්භණී මාතාවන් 1000ක් සඳහා පවත්වනු ලබන උදෑසන 8 සිට සවස 4 දක්වා – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී |
|
වෙසඟේ සිදු කරන අති උත්තම ආමිස හා ප්‍රතිපත්ති පූජාව උදෑසන 6 සිට පසුදා පහන්වන තුරු – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුවේදී |
ඉහත සඳහන් වන මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන් මෙන්ම දිවයින පුරා පිහිටි මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන් ද විදේශයන් හී පිහිටි මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන් ද කේන්ද්‍ර කරගනිමින් විශේෂ වෙසක් සදහම් වැඩසටහන් ක්‍රියාත්මක වේ.