මෙවුන්දම් සේවනය කරනා භික්ෂූහු පාරාජිකා වූවෝ වෙති
1. යෝ පන භික්ඛු, භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නෝ, සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවීකත්වා, මේථුනං ධම්මං පතිසේවෙය්‍ය, අන්තමසෝ තිරච්ඡානගතාය’පි, පාරාජිකෝ හෝති අසංවාසෝ.
යම් භික්ෂුවක්, භික්ෂූන් ගේ ප්රාතිමෝක්ෂ ශික්ෂාපදවලට අනුව ජීවත් වීමට පොරොන්දු වී, උපසම්පදාව ලබා ගෙන සිටිය දී, ඒ උපසම්පදාව ප්‍රතික්ෂේප නොකොට, ශික්ෂා පද රැකීම පිණිස වීරිය නැති බව දුර්වල බව ප්‍රකාශ නොකොට, අඩු ගණනේ තිරිසන්ගත ස්ත්‍රියක් සමඟ හෝ, මෙවුන්දම් සේවනය කරයි නම්, ඒ භික්ෂුව ශ්‍රමණ ජීවිතයෙන් පරදින්නේ ය. පිරිසිදු සංඝයා සමඟ එක් ව විසීම ඔහුට අහිමි වන්නේය.
(පාරාජිකා පාළි – ප්‍රථම පාරාජිකාව)
උපසම්පන්නේන භික්ඛුනා මේථුනෝ ධම්මෝ න පතිසේවිතබ්බෝ, අන්තමසෝ තිරච්ඡානගතායපි. යෝ භික්ඛු මේථුනං ධම්මං පතිසේවති, අස්සමණෝ හෝති අසක්යපුත්තියෝ. සෙය්යථාපි නාම පුරිසෝ සීසච්ඡින්නෝ, අභබ්බෝ තේන සරීරබන්ධනේන ජීවිතුං, ඒවමේව භික්ඛු මේථුනං ධම්මං පතිසේවිත්වා අස්සමණෝ හෝති අසක්යපුත්තියෝ. තං තේ යාවජීවං අකරණීයං.
උපසම්පදා භික්ෂුව විසින් අඩුගණනේ තිරිසන්ගත ස්ත්‍රියක් සමග හෝ මෙවුන්දම් සේවනය නොකළ යුත්තේය. යම් භික්ෂුවක් මෙවුන්දම් සේවනය කරයි නම් ඔහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයෙන් බැහැර වුණු අශ්‍රමණයෙක් බවට පත්වෙයි. හිස සිඳ දැමූ පුරුෂයෙක් ඒ ශරීරබන්ධනයෙන් ජීවත්වන්නට නොහැකි වන්නේ යම්සේ ද, ඒ අයුරින් ම භික්ෂුව මෙවුන්දම් සේවනය කිරීම හේතු කොට ශාක්‍යපුත්‍ර ශ්‍රමණ භාවයෙන් බැහැර වෙයි. එනිසා ඔබ විසින් එය දිවි ඇති තෙක් නොකළ යුතුය.
(මහාඛන්ධකය – මහාවග්ගපාළි)
සොරකම් කරනා භික්ෂූහු පාරාජිකා වූවෝ වෙති
2. යෝ පන භික්ඛු, ගාමා වා අරඤ්ඤා වා අදින්නං ථෙය්‍යසංඛාතං ආදියෙය්‍ය, යථාරූපේ අදින්නාදානේ රාජානෝ චෝරං ගහෙත්වා හනෙය්‍යුං වා බන්ධෙය්යුං වා පබ්බාජෙය්යුං වා; “චෝරෝ’සි, බාලෝ’සි, මූළ්හෝ’සි, ථේනෝ’සී”ති, තථාරූපං භික්ඛු අදින්නං ආදියමානෝ, අය’ම්පි පාරාජිකෝ හෝති අසංවාසෝ.
යම් භික්ෂුවක් ගමක වේවා අරණ්‍යක වේවා තමාට නො දුන්නා වූ කවර හෝ දෙයක් සොර සිතින් ගනී නම්, එබඳු නො දුන් දෙයක් සොරකම් කළ විට, රජවරු ඒ සොරා ව අල්ලා ගෙන, “නුඹ සොරෙකි; බාලයෙකි; මෝඩයෙකි; අනුන් ගේ දේ සොරා ගත්තෙකි”යි, කියා දඬුවම් දේ නම්, සිර කරයි නම්, පිටුවහල් කරයි නම්, එබඳු නොදුන් දෙයක් සොර සිතින් ගත්තොත්, ඒ භික්ෂුව ශ්‍රමණ ජීවිතයෙන් පරදින්නේ ය. පිරිසිදු සංඝයා සමඟ එක් ව විසීම ඔහුට අහිමි වන්නේ ය.
(පාරාජිකා පාළි – දෙවන පාරාජිකාව)
උපසම්පන්නේන භික්ඛුනා අදින්නං ථෙය්‍යසංඛාතං න ආදාතබ්බං, අන්තමසෝ තිණසලාකං උපාදාය. යෝ භික්ඛු පාදං වා පාදාරහං වා අතිරේකපාදං වා අදින්නං ථෙය්‍යසංඛාතං ආදියති, අස්සමණෝ හොති අසක්යපුත්තියෝ. සෙය්යථාපි නාම පණ්ඩුපලාසෝ බන්ධනා පමුත්තෝ අභබ්බෝ හරිතත්ථාය, ඒවමේව භික්ඛු පාදං වා පාදාරහං වා අතිරේකපාදං වා අදින්නං ථෙය්‍යසංඛාතං ආදියිත්වා අස්සමණෝ හෝති අසක්යපුත්තියෝ. තං තේ යාවජීවං අකරණීයං.
උපසම්පදා භික්ෂුව විසින් අඩුගණනේ තණකූරක පටන් නොදුන් දෙයක් සොර සිතින් නොගත යුත්තේය. යම් භික්ෂුවක් කහවණුවෙන් සතරෙන් කොටස වූ පාදයක් හෝ පාදයක් අගනා වූ හෝ පාදයකට වැඩි වටිනාකමකින් යුක්ත වූ හෝ නොදුන් දෙයක් සොර සිතින් ගනී ද, ඔහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයෙන් බැහැර වුණු අශ්‍රමණයෙක් බවට පත්වෙයි. නැට්ටෙන් ගැලවුණු ඉදුනු කොළයක් නැවත කොළ පැහැ වීමට යෝග්‍ය නොවන්නේ යම්සේ ද, ඒ අයුරින් ම භික්ෂුව පාදයක් හෝ පාදයක් අගනා වූ හෝ පාදයකට වැඩි වටිනාකමකින් යුක්ත වූ හෝ නොදුන් දෙයක් සොර සිතින් ගැනීම හේතු කොට ශාක්‍යපුත්‍ර ශ්‍රමණ භාවයෙන් බැහැර වෙයි. එනිසා ඔබ විසින් එය දිවි ඇති තෙක් නොකළ යුතුය.
(මහාඛන්ධකය – මහාවග්ගපාළි)
මනුෂ්‍ය ඝාතන කරන, එයට අනුබල දෙන
භික්ෂූහු පාරාජිකා වූවෝ වෙති
3. යෝ පන භික්ඛු, සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වෝරෝපෙය්‍ය, සත්ථහාරකං වා’ස්ස පරියේසෙය්ය, මරණවණ්ණං වා සංවණ්ණෙය්ය, මරණාය වා සමාදපෙය්ය; “අම්භෝ පුරිස, කිං තුය්හි’මිනා පාපකේන දුජ්ජීවිතේන, මත’න්තේ ජීවිතා සෙය්‍යෝ”ති. ඉති චිත්තමනෝ චිත්තසංකප්පෝ අනේකපරියායේන මරණවණ්ණං වා සංවණ්ණෙය්ය මරණාය වා සමාදපෙය්ය, අය’ම්පි පාරාජිකෝ හෝති අසංවාසෝ.
යම් භික්ෂුවක්, දැන දැන මනුෂ්‍ය ඝාතනයක් සිදු කරයි නම්, දිවි නසා ගත හැකි ආයුධයක් මැරෙනු කැමති කෙනෙක් සමීපයෙහි තබයි නම්, කෙනෙකුට මරණයේ ගුණ කියයි නම්, මරණයට පොළඹවයි නම්; “එම්බා පුරුෂය, ඔබට මේ ලාමක ජීවිතයෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද? ඔබේ ජීවත් වීමට වඩා මරණය උතුම් වන්නේ ය,” යනාදී වශයෙන් ඝාතන සිතින් යුතු ව, ඝාතනය කිරීමේ කල්පනාවෙන් යුතු ව, නොයෙක් අයුරින් මරණය වර්ණනා කරයි නම්, මරණයට පොළඹවයි නම්, ඒ හේතුවෙන් අදාළ තැනැත්තා මරණයට පත්වන්නේ නම්, ඒ සමඟ ම ඔහු පාරාජිකා වන්නේ ය. පිරිසිදු සංඝයා සමඟ එක් ව විසීම ඔහුට අහිමි වන්නේ ය.
(තුන්වන පාරාජිකාව – පාරාජිකාපාළි)
උපසම්පන්නේන භික්ඛුනා සඤ්චිච්ච පාණෝ ජීවිතා න වෝරෝපේතබ්බෝ, අන්තමසෝ කුන්ථකිපිල්ලිකං උපාදාය. යෝ භික්ඛු සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වෝරෝපේති, අන්තමසෝ ගබ්භපාතනං උපාදාය, අස්සමණෝ හෝති අසක්යපුත්තියෝ. සෙය්යථාපි නාම පුථුසිලා ද්වේධා භින්නා අප්පටිසන්ධිකා හෝති, ඒවමේව භික්ඛු සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වෝරෝපෙත්වා අස්සමණෝ හෝති අසක්යපුත්තියෝ. තං තේ යාවජීවං අකරණීයං.
උපසම්පදා භික්ෂුව විසින් දැන දැන අඩුගණනේ කුරාකුහුඹුවෙකු පටන් පණ ඇති සතෙකු ජීවිතයෙන් තොර නොකළ යුත්තේය. යම් භික්ෂුවක් අඩුගණනේ ගබ්සාවක පටන් දැන දැන මිනිස් ඝාතනයක් සිදුකරයි නම්, ඔහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයෙන් බැහැර වුණු අශ්‍රමණයෙක් බවට පත්වෙයි. දෙකට බිඳුණු මහා ගලක් නැවත එකතු කිරීමට නොහැකි වන්නේ යම්සේ ද, ඒ අයුරින් ම භික්ෂුව දැන දැන මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හේතු කොට ශාක්‍යපුත්‍ර ශ්‍රමණ භාවයෙන් බැහැර වෙයි. එනිසා ඔබ විසින් එය දිවි ඇති තෙක් නොකළ යුතුය.
(මහාඛන්ධකය – මහාවග්ගපාළි)
හොර රහත්හු පාරාජිකා වූවෝ වෙති
යෝ පන භික්ඛු, අනභිජානං උත්තරිමනුස්සධම්මං අත්තූපනායිකං අලමරියඤාණදස්සනං සමුදාචරෙය්‍ය; “ඉති ජානාමි, ඉති පස්සාමී”ති. තතෝ අපරේන සමයේන සමනුග්ගාහියමානෝ වා අසමනුග්ගාහියමානෝ වා ආපන්නෝ විසුද්ධාපෙක්ඛෝ ඒවං වදෙය්ය; “අජානමේවා’හං ආවුසෝ අවචං ජානාමි, අපස්සං පස්සාමි, තුච්ඡං මුසා විලපි”න්ති, අඤ්ඤත්ර අධිමානා, අයම්පි පාරාජිකෝ හෝති අසංවාසෝ.
යම් භික්ෂුවක් තමා තුළ ධ්‍යාන මාර්ගඵලාදී උතුම් ඤාණයන් පිළිබඳ ව වූ, මිනිස් ස්වභාවය ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ දෙයක් නැති බව දැන දැන ම, තමා තුළ තිබෙන බව බොරුවට හඟවමින්, “මම මෙහෙමත් දනිමි. මම මෙහෙමත් දකිමි”යි කියා අධිමානයෙකින් තොරව පවසා සිටියි. එසේ පැවසීමෙන් පාරාජිකාවට පත් වූ එම භික්ෂුව, පිරිසිදු වීමේ කැමැත්තෙන් යුතු ව, පසු කලෙක කරුණු විමසද්දී හෝ නො විමසද්දී හෝ, “ඇවැත්නී, මා විසින් නො දැන ම යි දනිමි යි කීවේ. නො දැක ම යි දකිමි යි කීවේ. තුච්ඡ වූ බොරුවකි යි කීවේ” කියා පවසයි ද, මොහුත් පාරාජිකා වන්නේ ය. පිරිසිදු සංඝයා සමඟ එක් ව විසීම ඔහුට අහිමි වන්නේ ය.
(පාරාජිකා පාළි – සිව්වෙනි පාරාජිකාව)
උපසම්පන්නේන භික්ඛුනා උත්තරිමනුස්සධම්මෝ න උල්ලපිතබ්බෝ, අන්තමසෝ සුඤ්ඤාගාරේ අභිරමාමීති. යෝ භික්ඛු පාපිච්ඡෝ ඉච්ඡාපකතෝ අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති ඣානං වා විමොක්ඛං වා සමාධිං වා සමාපත්තිං වා මග්ගං වා ඵලං වා, අස්සමණෝ හෝති අසක්යපුත්තියෝ. සෙය්යථාපි නාම තාලෝ මත්ථකච්ඡින්නෝ අභබ්බෝ පුන විරූළ්හියා, ඒවමේව භික්ඛු පාපිච්ඡෝ ඉච්ඡාපකතෝ අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපිත්වා අස්සමණෝ හෝති අසක්යපුත්තියෝ. තං තේ යාවජීවං අකරණීයං.
උපසම්පදා භික්ෂුව විසින් ධ්‍යාන මාර්ගඵලාදී උතුරු මිනිස්දහම් නොකිව යුතුය. අඩු ගණනේ ‘මම නිදහස් තැනක භාවනාවෙන් කල් ගෙවන්නට කැමති කෙනෙක් වෙමි’ යි කියා හෝ නොකිව යුතුය. යම් භික්ෂුවක් ලාමක ආසාවෙන් යුක්තව, ආසාවෙන් මැඩුනු සිතින් යුතුව, තමා තුළ නැති ධ්‍යානයක් හෝ විමෝක්ෂයක් හෝ සමාධියක් හෝ සමාපත්තියක් හෝ මාර්ගයක් හෝ ඵලයක් හෝ යන උතුරු මිනිස් දහමක් කියයි ද, ඔහු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයෙන් බැහැර වුණු අශ්‍රමණයෙක් බවට පත්වෙයි. කරටිය සිඳී ගිය තල්ගස නැවත දළු ලා වැඩීමට යෝග්‍ය නොවන්නේ යම්සේ ද, ඒ අයුරින් ම ලාමක ආසා ඇති, ආසාවෙන් මැඩුනු ඒ භික්ෂුව තමා තුළ නැති උතුරු මිනිස් දහම් කියාපෑම හේතු කොට ශාක්‍යපුත්‍ර ශ්‍රමණ භාවයෙන් බැහැර වෙයි. එනිසා ඔබ විසින් එය දිවි ඇති තෙක් නොකළ යුතුය.
(මහාඛන්ධකය – මහාවග්ගපාළි)
Leave A Comment