පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2019-03-20 මැදින් පුන් පොහෝ දින බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2019-03-20 මැදින් පුන් පොහෝ දින බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය
මහා තෙද ඇති මහා බල ඇති වළාකුලින් මිදුණු පුන්සඳ සේ බබළන ගෞතම සම්බුදු සසුනේ වහා වරදින් නැගී සිටීමේ භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍ර වූ උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…!!!ඒ උතුම් අංගුලිමාල මහරහත් තෙරිඳුන්ගේ උතුම් ශ්‍රී ධාතූන් වහන්සේලා සුවසේම සුවඳවත් ධාතු ගර්භයේ වැඩ සිටිනා උතුම් අංගුලිමාල මහා සෑ රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…!!!
මෙලොවත් පරලොවත් ජීවිතය කියාදුන් මාගේ දහම් ගුරුදේවෝත්තමයන් වහන්සේ වන පරම පූජනීය ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුකින් සුවපත් වේවා…!!!තව තවත් බොහෝ ආයු ලැබ ගෞතම සම්බුදු සසුන් කෙත බුබුළුවාලීමට තව තවත් චිරාත් කාලයක් අප අතරම වැඩ සිටිත්වා…!!!මගේ ගුරු දෙවිඳුන්ට ඒ අමා මහ නිවන් සුව බොහෝ දුර නොවේවා…!!!
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!
අංගුලිමාල මහා රහත් මුනිවරයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
මිනිසුන්ගේ පැවති දැඩි ඊර්ෂ්‍යාව නිසා සැබෑම අහිංසකයෙකු අංගුලිමාල වූ හැටි.සම්බුදු රජාණන් වහන්සේගේ මහා කරැණාව නිසා අංගුලිමාල මුණිදුන්ටද මේ ඝෝරතර සසර ගමන නවතා දමා උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වූ සේක.
අංගුලිමාල රහතන් වහන්සේ ගේ මහා ගුණයන් ගැන අසද්දී හිතට දැඩි සතුටක් ඇතිවෙනවා.අපගේ ආර්යයන් වහන්සේලා මෙපමණ ගුණයන්ගෙන් යුතුයි නේද කියලා.
ඒත් සමගම අපගේ සම්බුදු රජාණන් වහන්සේ ගැන කිව නොහැකි තරම් භක්තියක් සිතට දැනෙනවා.අනේ අප සරණ ගිය අසහාය ගුණයන්ගෙන් පිරැණු සම්බුදු රජාණන් වහන්සේ ගේ මහා කරැණාව නිසා සම්බුද්ධ ශාසනය ආලෝකමත් වූ හැටි.
අංගුලිමාල මහා රහත් මුණිවරයන් වහන්සේගේ පිහිට ලැබී අපටද වීර්ය ඇතිකර ගැනීමට හැකිවේවා.!
ආර්ය වු උතුම් සඝ පරපුරේ සැබෑම ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මෙවැනි දේශනාවන් ඉතාම පැහැදිලිව ශ්‍රද්ධා භක්තිය ඇතිවන අයුරින් අපහට දේශනා නොකරන්නට අප කිසිත් නොදන්නේය.ඔබ වහන්සේටද නමස්කාර වේවා!! පින්වත් ඔබ වහන්සේටද, අපටද මේ සියලු පින් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කිරීමට උපකාර ධර්මයක් වේවා!!!සාදු සාදු සාදු!!!