පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මජ්ඣිම නිකායෙහි කකචූපම සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම‍ දේශනයකි. මෙම සූත්‍රයෙහි විස්තර වන්නේ බාහිරින් අසන්නට ලැබෙන නොයෙක් වචන ඔස්සේ සිතේ ද්වේශය ඇති නොකරගෙන සිටීම පිණිස ශ්‍රාවකයා නුවණින් විමසිය යුතු ආකාරයයි. ලෝක සත්වයා ද්වේශය නිසා නොයෙක් අර්බුදවලට මුහුණ පාන ලෝකයේ කියතක් උපමා කොට අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මෙම අනුශාසනාව ඔස්සේ තමන්ව දමනය කරගෙන වාසය කිරීම තුළ නිවන් මග තුළ ඉදිරියට ගමන් කිරීමට හැකියාව ලැබේ.

Subscribe to our YouTube Channel

හඬපටය ශ්‍රවණය කරන්න