🙏 මෝර පරිත්තං 🌷
උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසං
මේ හිරු උදා වන විට – ඇස් ඇති එක ම රජු ලෙස
පතුරුවා රන්වන් රැස – මහ පොළොව බබුළුවන්නේ
මහ පොළොව බබුළුවන – හිරු මඬල නුඹ වඳින්නෙමි මම
නුඹ විසින් සුරකින අපි – මෙ දවස වසමු සුවසේ
යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තූ
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
හැම දහම් පරතෙර වැඩි – යම් රහත් මුනිවරු සිටිත් නම්
ඒ උතුම් මුනිවරු හට – මාගේ වැඳුම වේවා
ඒ උතුම් මුනිවරු ද – මගේ දිවි සුරකිත්වා
සම්බුදුවරුන් හට – මාගේ වැඳුම වේවා
සතර මඟ ඵල නුවණට – මාගේ වැඳුම වේවා
උතුම් රහතුන් හට – මාගේ වැඳුම වේවා
ඒ රහත් ඵලයට – මාගේ වැඳුම වේවා
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා
ඒ බෝසත් මොණරා මේ ලෙසින් පිරිත පවසා ගොදුරු සොයන්නට සැරිසරා යන්නේ ය.
අපේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං
පතුරුවා රන්වන් රැස – බබුළුවා මේ පොළොව ද
ඇස් ඇති එක ම රජු ලෙස – හිරු මඬල බැස යන විට
මහ පොළොව බබුළුවන – හිරු මඬල නුඹ වඳින්නෙමි මම
නුඹ විසින් සුරකින අපි – මේ රැය ද වසමු සුවසේ
යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තූ
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
හැම දහම් පරතෙර වැඩි – යම් රහත් මුනිවරු සිටිත් නම්
ඒ උතුම් මුනිවරු හට – මාගේ වැඳුම වේවා
ඒ උතුම් මුනිවරු ද – මගේ දිවි සුරකිත්වා
සම්බුදුවරුන් හට – මාගේ වැඳුම වේවා
සතර මඟ ඵල නුවණට – මාගේ වැඳුම වේවා
උතුම් රහතුන් හට – මාගේ වැඳුම වේවා
ඒ රහත් ඵලයට – මාගේ වැඳුම වේවා
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයීති.
ඒ බෝසත් මොණරා මේ ලෙසින් පිරිත පවසා සුවසේ වාසය කළේ ම ය.
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!
Leave A Comment