පෙර සිංහල රජදවස ප්‍රතිශක්ති වර්ධනය පිණිස භාවිත කළ මේ ඖෂධ වට්ටෝරුව පැරණි පුස්කොළ පොතකින් උපුටා අප වෙත එවන ලද පින්වත් වෙදමහතාට පින් දෙමින් මෙසේ එළිදක්වනු ලැබේ.

අවශ්‍ය ද්‍රව්‍ය :-

  1. සුදු ළුෑණු බික් 3 යි
  2. රතු ළුෑණු ගෙඩි 3 යි
  3. ලුණුවරණ කොළ 3 යි
  4. යකිවනස්ස කොළ 3 යි
  5. කරාබු නැටි 3 යි
  6. ලුණු දියර තේ හැඳි 3 යි
  7. දෙහි යුෂ තේ හැඳි 3 යි
  8. විනාකිරි තේ හැඳි 3 යි
  9. මී පැණි තේ හැඳි 3 යි

මෙයින් සුදු ළුෑණු හා රතු ළුෑණු එකට බ්ලෙන්ඩර් කොට යුෂ ටික වෙනම ගන්න.

ලුණුවරණ හා යකිවනස්ස කොළත් බ්ලෙන්ඩර් කොට යුෂ ටික වෙනම ගන්න. (කුඩා වංගෙඩියක දා තලා ගැනීමෙන් ද යුෂ ගැනීමට පුළුවනි)
කරාබු නැටි 3 හොඳින් කුඩු කරගන්න.

ලුණු දියර, දෙහි යුෂ, විනාකිරි, මී පැණි දියර ටික වෙනම ගන්න.

දැන් මේ සියල්ල අඬු කෝප්පයකට දමා හොඳින් කලවම් කරගන්න.

අඟහරුවාදා, සිකුරාදා, ඉරිදා රාත්‍රී නින්දට පෙර අංගුලිමාල පිරිතෙන් හත්වතාවක් පිරිත් කොට පානය කරන්න.

මෙයින් වඩි 9ක් පානය කිරීමෙන් සම්පූර්ණ ප්‍රතිශක්තිය වර්ධනය වන්නේය.

නීරෝගි සුව විඳිනු කැමැත්තෝ, පැරණි සිංහල බෙහෙත් භාවිතයට ගනු කැමැති නම් පමණක් ගනිත්වා! නීරෝගි සුව ලබත්වා!

විශේෂ උපදෙස් :-

  • වයස අවු. 5 – 10 ත් අතර දරුවන් සහ ගැබිනි මාතාවන් සඳහා ඉහත දින තුනේදී උදේ, දහවල්, රාත්‍රී කෑමට පසු තේ හැඳි 3 බැගින් ලබාදෙන්න.
  • වයස අවු. 5ට අඩු දරුවන්ට මෙම ඖෂධය නොදෙන්න.
  • ලුණුවරණ කොළය පත්‍ර 3කට බෙදී ඇති බැවින් එවැනි කොළ 3ක් ගත යුතු වේ.