මරණය යනු ජාති කුල භේද කිසිවක් නොමැතිව උගත් නූගත් බාල මහලු බල දුබල ධන නිර්ධන භේදයකින් තොරව කවර ආගමික විශ්වාසයන්ගෙන් යුතුව වාසය කළත් කවදා කොතැනක කොහි හෝ සිට මේ ජීවිතය වෙත කඩා පනිනා දෙයකි.

කොයි කාගෙත් දිවියේ සමීප සෙවනැල්ල බඳු මරණය පිළිබඳ අපගේ ශාස්තෘවර භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ අසිරිමත් දහම් විග්‍රහය ඉස්මතු කරවමින් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත ‘මරණයේ දිනපොත’ නවතම සදහම් ග්‍රන්ථය ඔබත් නොවරදවාම කියවන්න.

දැල්වෙමින් ඇති පහන්සිලක් සුළඟින් නිවී යන්නා සේ මරණය පැමිණි කල්හී අවසන් වීමට නියමිත මේ දිවියට මෙම උතුම් ග්‍රන්ථය ඇසුරින් රැකවරණයක් සලසා ගැනීමේ වාසනාව ඔබ සැමට උදා වේවා!

මෙම මහානීය ග‍්‍රන්ථ රත්නය ඔබට දැන් ‘මහාමේඝ ප‍්‍රකාශකයෝ’ වෙබ් අඩවිය හරහා ඇණවුම් කොට නිවසට ම ගෙන්වා ගත හැකියි. එමෙන්ම පොල්ගහවෙල, බෝවත්ත – බිංගිරිය, මාලඹේ, කඩුවෙල, මාතර – අපරැක්ක, කුණ්ඩසාලේ, අනුරාධපුර මහමෙව්නාව භාවනා අසපුවලින් ද ලබාගත හැකිය.