මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ ඉදිවෙමින් පවතින කුටි සංකිර්ණයේ, තෙවන මහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පෙර, 2022 ජනවාරි මස 22 වන දින, පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා 50 නමක් විෂයෙහි දානමය පින්කමක් පවත්වන්නට යෙදුනි.

ගෞතම බුදු සසුනේ පිළිසරණ පතා උතුම් අනගාරිකා පැවිදි බව ලබා විවේකීව පිළිවෙත් පුරන පින්වත් මෑණියන් වහන්සේලාගේ නිරාමිෂ පැවැත්ම උදෙසා ඉදිවන මෙම කුටි සංකීර්ණය ඉදිකිරීම වෙනුවෙන් තම ශක්ති පමණින් ආධාර කළ පින්වතුන් සියලු දෙනාටත් මේ සඳහා නන් අයුරින් උපකාර කළ පින්වතුන් සියලු දෙනාටත් මේ පින අනුමෝදන් වෙත්වා! නිදුක් නීරෝග සුව, දීර්ඝායුශ සැළසේවා! සුවසේම ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා!