අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි 2019 පෙබරවාරි මස 09 මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කරන ලදුව සුවහසක් සැදැහැතියන් හට අපමණ පින් ඵල නෙලාදෙමින් හුනුමුල්ල මහමෙව්නාව මෙත්සිසිල භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවූ මහා සෑ රජානන් වහන්සේ, 2022ක් වු පෙබරවාරි 05 වැනි දින ගෞතම බුදු සසුනට පූජා වූ වගයි!

අප සරණ ගිය තථාගත අර්හත් ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා හය නමක් ද, ප්‍රඥාවෙන් අගතැන්පත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක්ද, සෘද්ධිමත් භික්ෂූන් අතර අගතැන්පත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක්ද, ලැබිම් අතර අගතැන්පත් සීවලි මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක්ද, ලංකාවේ පහළ වූ ශේෂ්ඨ මහරහතන් වහසේගේ නමක් වන කාලබුද්ධරක්ඛිත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක්ද, ලංකා ධරණිතලයේ පහළවු රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ද වඩාහිඳුවමින් නානාප්‍රකාර පුජා වස්තුන් අතිවිශාල ප්‍රමානයක් ද නිධන් ගත මෙම මනරම් සෑ රජාණන් වහන්සේ නෙක මල් සැරසිල්ලෙන් අලංකාර කොට, ගුවනින් මල් වරුසා වස්සවමින්, දෙනෝදහසක් සැදැහැවතුන්ගේ සාධුකාර මධ්‍යයෝ ගෞතම බුද්ධ සාසනයට පූජා කරන්නට යෙදුනි.

ඉමහත් ශ්‍රද්ධාවෙන් යුතුව තව්තිසා දෙව්ලොවේ සිළුමිණ සෑය සදිසි මෙම මනරම් සෑ රජුන් තැනවීමෙන් රැස්වු පින සියල්ලෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!!! මේ ගෞතම බුද්ධ සාසනයේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබොධය පිනිසම මේ සියලු පින් හේතු වාසනා වේවා !!!