(1)

බාහුං සහස්සමභිනිම්මිතසායුධං තං
ගිරිමේඛලං උදිතඝෝර සසේනමාරං
දානාදිධම්මවිධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

දහසක් අත් ද මවමින් – නොයෙකුත් සැත් ද දරමින්
ගිරිමේඛලා ඇතු පිටින් – එන මාරසේනා
දානාදි පාරමී බලෙන් – දිනුවෝ මුනින්දා
ඒ තේජසින් ඔබට ජය – මංගල්‍ය වේවා!

(2)

මාරාතිරේකමභියුජ්ඣිතසබ්බරත්තිං
ඝෝරම්පනාළවකමක්ඛමථද්ධයක්ඛං
ඛන්තීසුදන්තවිධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

මුළු රෑ පුරා යුධ වැදී – එන මාර සේනා
දැඩි වූ අලව් යකු නැගූ – ගොරභීර නාදේ
දමනයෙන් ඉවසූ බලෙන් – දිනුවෝ මුනින්දා
ඒ තේජසින් ඔබට ජය – මංගල්‍ය වේවා!

(3)

නාලාගිරිං ගජවරං අතිමත්තභූතං
දාවග්ගිචක්කමසනීව සුදාරුණං තං
මෙත්තම්බුසේකවිධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

මත් වී සුරාවෙන් ඇතා – නාලාගිරී නම්
පතුරා මහා හෙණ හඬින් – දරුණූ ලෙසින් ආ
ඒ සිහිල් මෙත් පැන් බලෙන් – දිනුවෝ මුනින්දා
ඒ තේජසින් ඔබට ජය – මංගල්‍ය වේවා!

(4)

උක්ඛිත්තඛග්ගමතිහත්ථසුදාරුණං තං
ධාවං තියෝජනපථංගුලිමාලවං තං
ඉද්ධීභිසංඛතමනෝ ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

අංගුලිමාල නම් සොරා – කඩුවක් ද ඔසවා
තුන් යොදුන් පුරා දුව ඇවිත් – දරුණූ සිතින් යුත්
පෙන්වූ ඉර්ධි බලයෙන්- දිනුවෝ මුනින්දා
ඒ තේජසින් ඔබට ජය – මංගල්‍ය වේවා!

(5)

කත්වාන කට්ඨමුදරං ඉව ගබ්භිනීයා
චිඤ්චාය දුට්ඨවචනං ජනකායමජ්ඣේ
සන්තේන සෝමවිධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

ගර්භණී වූ මවක සේ දරමිටිය බැන්දේ
චිංචාව ජන මැද එසේ – නින්දා කරද්දී
සංසුන් සමාහිත බලෙන් – දිනුවෝ මුනින්දා
ඒ තේජසින් ඔබට ජය – මංගල්‍ය වේවා!

(6)

සච්චං විහාය මතිසච්චකවාදකේතුං
වාදාභිරෝපිතමනං අතිඅන්ධභූතං
පඤ්ඤාපදීපජලිතෝ ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

සත්‍යය බැහැර කරමින් – සච්චක නමින් යුත්
අඳබල් සිතින් ඔද වැඩී – වාදයට එද්දී
ප්‍රඥා ප්‍රදීප දල්වා – දිනුවෝ මුනින්දා
ඒ තේජසින් ඔබට ජය – මංගල්‍ය වේවා!

(7)

නන්දෝපනන්දභුජගං විබුධං මහිද්ධිං
පුත්තේන ථේරභුජගේන දමාපයන්තෝ
ඉද්ධූපදේසවිධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

බුදු පුත් ථේර නා රජුන් – ඉර්ධී බලෙන් යුත්
දමනය කළේ නා රජුන් – නන්දෝපනන්ද
ඒ ඉර්ධියට මග කියා – දිනුවෝ මුනින්දා
ඒ තේජසින් ඔබට ජය – මංගල්‍ය වේවා!

(8)

දුග්ගාහදිට්ඨිභුජගේන සුදට්ඨහත්ථං
බ්‍රහ්මං විසුද්ධිජුතිමිද්ධිබකාභිධානං
ඤාණාගදේන විධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි

මිසදිටු මතින් බඳ වෙලා – නො දැමුණු සිතින් යුත්
බක නම් බඹු ද බඹ ලොවේ – මානෙන් දැපෙද්දී
ඤාණාගදෙන් පහර දී – දිනුවෝ මුනින්දා
ඒ තේජසින් ඔබට ජය – මංගල්‍ය වේවා!

(9)

ඒතාපි බුද්ධජයමංගල අට්ඨගාථා
යෝ වාචකෝ දිනදිනේ සරතේ මතන්දි
හිත්වාන නේකවිවිධානි චුපද්දවානි
මොක්ඛං සුඛං අධිගමෙය්‍ය නරෝ සපඤ්ඤෝ

සම්බුදුන්ගේ ජය මඟුල් – යුතු අටකි ගාථා
යමෙකුන් කියත් නම් බැතින් එය සෑම දවසේ
තිබෙනා නොයෙක් උවදුරුත් – හැම පහව යන්නේ
නුවණැති පින්වතා උතුම් – නිවනත් ලබන්නේ

සාදු! සාදු!! සාදු!!!