ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ, අපමණ තේජෝ බල ඇති, අපමණ අනුකම්පා ඇති, ආර්ය වූ අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රීමත් ධාතූන් වහන්සේලා වඩාහිඳුවන ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ ඉදිකිරීම උදෙසා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 2019 අප්‍රේල් මස 18 වන දින හිමිදිරි උදෑසන පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් හලාවත, බිංගිරිය, බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේදී සිදුකෙරුනා.
පින් කැමති සියල්ලෝ මේ උතුම් පින්කම දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා!
ශ්‍රී අංගුලිමාල මහාසෑ රජාණන් වහන්සේ ඉදිකිරීම පිළිබඳ වැඩි විස්තර >> https://mahamevnawa.lk/sri-angulimala-seya/
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය – උද්දාන ගාථා)
පව් ගැන සිත සිතා නැත තැවෙමින් ඉන්නේ
රැස්කළ කුසල් බලයෙන් පව් නසමින්නේ
අංගුලි මාල තෙරිදුන් අරහත් වන්නේ
මිදෙමින් වලාවෙන් බබලන සද වැන්නේ
බුදු රජාණන් වහන්සේගේ ලය මඩලෙන් උපන්, උතුම් ශ්‍රී සද්ධර්මයෙන් උපන්, මහා බල ඇති, මහා තෙද ඇති, මහා අනුකම්පා ඇති, නිකෙලෙස් ගුණයෙන් බබලමින් වැඩ සිටි. ආර්ය වූ, අපගේ අංගුලි මාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු නමෝ සංඝාය
නමෝ බුද්ධාය! මහා තෙද ඇති මහා බල ඇති අපගේ අංගුලිමාල මහා මුනිදුන්ට නමස්කාර වේවා!!! අනේ කියන්න බැරිතරම් සිතන්න බැරිතරම් මහා පුදුමාකාර සතුටකින් හිත මගේ පිරිලා.මේ අසිරියට මේ ලබාදෙන උතුම් ලාභයන්ට දෙදණින් බිම වැතිරී ඉතාමත් ගෞරවයෙන් පූජනීය වන්දනීය ගෞරවනීය සත්පුරුෂ කල්යනමිත්ර රත්නය වන අපගේ මගේ ගුරුදෙවෝත්තමයන් වහන්සේට සියදහස් වාරයක් නමස්කාර කරමි.පූජනීය ගෞරවනීය උතුම් සංඝරත්නයට නමස්කාර වේවා!