ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා ශ‍්‍රාවකයන් වහන්සේ නමක් වූ, අපමණ තේජෝ බල ඇති, අපමණ අනුකම්පා ඇති, ආර්ය වූ අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ශ‍්‍රීමත් ධාතූන් වහන්සේලා වඩාහිඳුවන ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ ඉදිකිරීම උදෙසා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 2019 අප්‍රේල් මස 18 වන දින හිමිදිරි උදෑසන පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් හලාවත, බිංගිරිය, බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේදී සිදුකෙරුනා.

පින් කැමති සියල්ලෝ මේ උතුම් පින්කම දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා!

ශ්‍රී අංගුලිමාල මහාසෑ රජාණන් වහන්සේ ඉදිකිරීම පිළිබඳ වැඩි විස්තර >> https://mahamevnawa.lk/sri-angulimala-seya/