පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් සිදුකරන සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2015-08-29 වෙනි නිකිණි පුන් පොහෝ දින වන අද දිනත් සදහම් පොත් කට්ටල් පහක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් පරිත්‍යාග කරන්නට යෙදුනා.

අද දින සදහම් පරිත්‍යාගයන් ලබාගත් ආයතනයන්

  • 1. ගරු ධර්මාචාර්ය ස්වාමීන් වහන්සේ, ශ්‍රී අශෝකාරාම දහම් පාසල, ඩයගම, ආගරපතන.
  • 2. ගරු විදුහල්පතිතුමා, පො/විජයපුර මහා විද්‍යාලය, විජයපුර, දියසෙන්පුර.
  • 3. අධීක්ෂණභාර නිලධාරී, පිපෙන කැකුළු ළමා සමාජය, රජපොකුණගම, මැටියගනේ.
  • 4. ගරු පුස්තකාලයාධිපති, වෑත්තෑව හිමි අනුස්මරණ මහජන පුස්තකාලය, වෑත්තෑව, දඹදෙණිය.
  • 5. ගරු විදුහල්පති, ව/ඉ/රිදී ශ්‍රී විද්‍යාරාජ මහා විද්‍යාලය, පල්ලෙයාය, දොඩම්ගස්ලන්ද.

මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය සඳහා දායකත්වය ලබාදුන් සියලු පින්වතුන්ට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ උතුම් පුණ්‍ය කර්මය හේතුවාසනා වේවා!

ඒ වගේම ඔබටත් මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය සඳහා දායකත්වය ලබාදිය හැකියි. වැඩි විස්තර – https://mahamevnawa.lk/donations/dharma-dana/