පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?
බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින් තාම පෘථග්ජනයො නොවැ’ යනාදී වශයෙන් ඔවුහු පවසති. නමුත් පෘථග්ජන යන්නෙහි සැබෑ අර්ථය දනිත් නම් ඔවුහු කිසි දිනක තමා උදෙසා පෘථග්ජන යනුවෙන් ව්‍යවහාර කරන්නට හෝ පෘථග්ජන භාවය තුළ රැඳී සිටීමට හෝ කැමති නොවනු ඇත. අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෘථග්ජනයාව හඳුන්වනු ලබන බොහෝ අවස්ථාවල දී (අස්සුතවා පුථුජ්ජනෝ) අශ්‍රැතවත් පෘථග්ජනයා යන පද යුගලය ම භාවිත කොට තිබේ.....