02 අප්පමාද වර්ගය

2-12. නිගමතිස්ස තෙරුන්ගේ කථා වස්තුව

2020-03-18T13:15:36+05:30February 25th, 2015|02 අප්පමාද වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපගේ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන සල්වනයේ පිරිනිවන් පාන්නට මොහොතකට කලින් සියලු දෙනා අමතා උන්වහන්සේගේ අවසන් අවවාදය වදාළා. එනම්, “හන්දදානි භික්ඛවේ, ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා. අප්පමාදේන සම්පාදේථ “පින්වත් මහණෙනි, මා දැන් ඔබව අවසන් වතාවට අමතමි. සකස් වී තිබෙන සෑම දෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්තයි. එම නිසා අප්‍රමාදීව නිවන් අවබෝධ කිරීමට මහන්සි ගන්න කියාය.

Comments Off on 2-12. නිගමතිස්ස තෙරුන්ගේ කථා වස්තුව

2-11. එක්තරා භික්ෂුවකගේ කථා වස්තුව

2020-03-18T13:15:20+05:30February 24th, 2015|02 අප්පමාද වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

මෙම කථාවේ සඳහන් ස්වාමීන් වහන්සේ ඉතා හොඳ වීරියකින් යුතු අප්‍රමාදී කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩසිටිද්දී උන්වහන්සේගෙන් භාවනා උපදෙස් ලබාගත් මෙම ස්වාමීන් වහන්සේ වනාන්තරයකට වැඩියා. වනයට පැමිණි දවසේ සිට සතර සතිපට්ඨානය තුළ සිත පිහිටුවා ගන්නට මහත් උත්සාහයක් ගත්තා. නමුත් සාර්ථක වුණේ නෑ. මොහොතක්වත් චිත්ත සමාධිය ඇතිකරගන්නට පුළුවන් වුණේ නෑ. නමුත් මෙම ස්වාමීන් වහන්සේ එ් ගැන දුකට පත්වුණේ නෑ. කම්පා වුණෙත් නෑ. උත්සාහය අත්හැරියෙත් නෑ. දිගින් දිගටම උත්සාහ කළා. හිත කලබල කරගත්තේ නෑ. මෙසේ කාලයක් ගත වූ නමුත් ප්‍රතිඵලයක් නැති නිසා උන්වහන්සේ යළිත් බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට කල්පනා කළා.

2-10. සක් දෙවිඳුගේ කථා වස්තුව

2020-03-18T13:15:07+05:30February 23rd, 2015|02 අප්පමාද වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සිටි ජනතාවට නිතර නිතර අප්‍රමාදී බවෙහි අනුසස් අසන්නට ලැබුණා. එ් වගේම ප්‍රමාදයට දොස් ලැබුණා. එනිසා ප්‍රමාදීව ජීවත් වෙන්න සැදැහැවත් උදවිය කැමති වුණේ නෑ. අප්‍රමාදීව සිල් රැක්කා. දන් පින් කම් කළා. බණ භාවනා කළා. පින් රැස්කර ගත්තා. අප්‍රමාදීව පින්කම් කළ නිසාම ඔවුන්ට දෙව්ලොව සැප ලැබුණා. එපමණක් නොවෙයි, උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමේ වාසනාව පවා උදාවුණා.

2-9. යහළු භික්ෂූන් දෙනමකගේ කථා වස්තුව

2020-03-18T13:14:47+05:30February 20th, 2015|02 අප්පමාද වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

නමුත් ජව සම්පන්න අශ්වයා සුළඟටත් වඩා වේගයෙන් දුවනවා. ඊතලයකටත් වඩා වේගයෙන් පැනගෙන යනවා. වීරියවන්ත මනුෂ්‍යයා මහා නුවණින් යුතු ප්‍රඥාවන්තයා ජව සම්පන්න අශ්වයෙක් වගෙයි. ඔහු දුර්වල සියලූ දෙනාම පසුකොට වේගවත් ගමනක යෙදෙනවා. නිහඬ ගමනක යෙදෙනවා. ඔහු තමන්ගේ ඉලක්කය කරා කෙමෙන් කෙමෙන් ළං වෙනවා. ඔහු විවේකය ගන්නෙ ඊට පස්සේ. මෙවැනි වීරියවන්තයන් ඇසුරු කිරීමත් වාසනාවක් නොවේද?

Comments Off on 2-9. යහළු භික්ෂූන් දෙනමකගේ කථා වස්තුව

2-8. මහා කස්සප තෙරුන් වහන්සේගේ කථා වස්තුව

2020-03-18T13:14:29+05:30February 18th, 2015|02 අප්පමාද වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ, ප්‍රමාදයත්, අප්‍රමාදයත් ගැන දැන් ඔබ දන්නවා. මෙම ගාථාවෙහි පණ්ඩිතයා කියන්නේ රහතන් වහන්සේටයි. නුවණින් යුතු කෙනාටයි. එ් රහතන් වහන්සේ ප්‍රමාදය බැහැර කළ අප්‍රමාදය තුළින් ජීවිතය ජය ගත් කෙනෙක්. උන්වහන්සේ ප්‍රාසාදයකට නගිනවා. එ් ප්‍රාසාදය ප්‍රඥාවෙන් කරපු එකක්. ප්‍රඥාවෙන් කරන ලද ප්‍රාසාදය කියන්නේ චුතූපපාත ඤාණයටයි.

Comments Off on 2-8. මහා කස්සප තෙරුන් වහන්සේගේ කථා වස්තුව

2-6,7. නැකැත් සරණ ගිය මිනිසුන්ගේ නිසරු උත්සවයක් ගැන කථා වස්තුව

2021-09-11T08:13:23+05:30February 17th, 2015|02 අප්පමාද වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

එම නිසා ප්‍රමාදයෙන් කල් ගත කරන්නට එපා. ප්‍රමාදයට හේතුවන කරුණු ඇති කරගන්නට එපා. කාම සැපය පමණක් ජීවිතයේ එකම ඉලක්කය බවට පත්කර ගන්නට එපා. පින් දහම් රැස්කර ගැනීමත් ජීවිතයට අවශ්‍යයි. අප්‍රමාදීව බණ භාවනා කරන අය මහා සැපයකට පත්වෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා.

2-5. චුල්ලපන්ථක තෙරුන්ගේ කථා වස්තුව

2021-09-07T08:56:23+05:30February 14th, 2015|02 අප්පමාද වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයකට නැගී සිටි වීරිය ඉතාම වැදගත්. බුදුරජාණන් වහන්සේ වීරිය ගන්න ඕන ආකාරය තුන් අයුරකින් පෙන්වා වදාළා. කෙනෙකුට තියෙනවා නම් නිරතුරුවම උත්සාහයක්, අන්න ඒ උත්සාහයට කියනවා ‘ආරද්ධ වීරිය’ කියලා. ඒ කෙනා ඒ උත්සාහය පටන් අරගෙනයි තියෙන්නෙ. ඒ වීරිය ඉතාම ප්‍රබෝධමත් සිතින් පවත්වනවා නම් ඒකට කියන්නෙ ‘නැගී සිටි වීරිය’ කියලා. නැගී සිටි වීරිය තියෙන කෙනා නැණවතෙක්. එයා නුවණ යොදවනවා. නුවණින් සලකනවා. එයාට හොඳ නරක තෝරා බේරා ගෙන නරක බැහැර කරන්න පුළුවන්. හොඳ රැකගන්න පුළුවන්. එනිසා නැගී සිටි වීරිය දියුණු වෙන ජීවිතයකට ඉතාමත් ප්‍රයෝජනයි.

Comments Off on 2-5. චුල්ලපන්ථක තෙරුන්ගේ කථා වස්තුව

2-4. කුම්භඝෝෂක සිටුතුමාගේ කථා වස්තුව

2021-08-29T09:32:53+05:30February 13th, 2015|02 අප්පමාද වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලක්ෂණ ඔබත් ඇති කරගන්න. ජීවිතයක් ලෞකික වශයෙන් සාර්ථක වීමට මෙම ගාථාවේ සඳහන් උතුම් කරුණ සම්පූර්ණයෙන්ම බලපානවා. පත පත හිටියා කියලා කිසි කෙනෙක් දියුණු වෙන්නෙ නෑ. දියුණු වෙන්නේ එයට වුවමනා කරන හේතු කාරක ධර්ම ඇති කරගත් දවසටයි.

Comments Off on 2-4. කුම්භඝෝෂක සිටුතුමාගේ කථා වස්තුව

2-1,2,3. සාමාවතිය හා මාගන්දියාගේ කථා වස්තුව

2021-08-27T16:10:56+05:30February 9th, 2015|02 අප්පමාද වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ, මෙම ගාථාවන් තුළින් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ අප්‍රමාදයේ වටිනාකම ගැනත්, ප්‍රමාදයෙහි භයානකකමත්ය. අප්‍රමාදය කියන්නෙ තමන්ගේ ජීවිතය මුළුමනින්ම ධර්මයට කැප කිරීමටයි. ඒ කියන්නේ තමන් ඉතා සිහියෙන් යුතුව ඉන්නවා. නුවණින් විමසනවා. කයින් සිදුවෙන අකුසල් දුරුකරනවා. වචනයෙනුත් අකුසල් කරන්නෙ නෑ. සිත ගැන කල්පනාවෙන් ඉන්නවා. සිතෙන් අකුසල් සිදුවෙන්නට ඉඩ තියන්නෙ නෑ. වියලුන තණ කොළ ගොඩකට ගිනි පුපුරක් වැටුණොත් ඉක්මනින් ඇවිලෙනවා. අසංවර හිතත් ඒ වගේ. අකුසල් හටගත්තු ගමන් ඒ අකුසල්වලට යට වෙනවා. නමුත් තණ කොළ ගොඩට ගිනි පුපුර වැටුණ ගමන් අතින් පයින් ගසා වහා කලබලයෙන් නිවා දමනවා වගේ අප්‍රමාදී කෙනා තමා තුළ අකුසල් හටගත් සැණින්, දුරුකරනවා. අකුසල්වලට බිය වෙනවා. ඒ කෙනා තමයි ජීවිතය ජයගන්නෙ. ඒ කෙනා තමයි යළි යළි ඉපදෙන මැරෙන සසරෙන් එතෙර වන්නෙ. ඒ කෙනා තමයි නිවන් අවබෝධ කරන්නෙ.

Go to Top