07 අරහන්ත වර්ගය

7-10. එක්තරා ස්ත්‍රියකගේ කථා වස්තුව

2020-03-18T14:02:39+05:30November 22nd, 2018|07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"මෙයාට පිස්සුද...? මෙච්චර ලස්සන ලෝකෙක විනෝද වෙන්නෙ නැතුව මොකද මේ...? මේ තරුණ කාලෙ මොන බ්‍රහ්මචරියාවක්ද? අනේ හැබෑට...! එක එක්කෙනාගෙ සමයං. ලස්සනට සතුටු වෙන්න තියෙන ජීවිතේ නිකං සමයං නිසා රාස්සයන්ගෙ විලක් බවට පත්කරගෙන. හොඳයි! ඔබේ බඹසරද දිනන්නේ, මගේ හැඩරුවද කියලා මං ඔබට පෙන්නන්නම්...."

7-9. ‍‍ඛදිරවනයේ රේවත තෙරුන්ගේ කථා වස්තුව

2020-02-14T22:07:59+05:30November 21st, 2018|07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“හප්පේ...! පින්වත් උපාසිකාව, අපේ රේවතයන් වහන්සේගේ පුණ්‍ය මහිමය බලන්න එපායැ. අපි ඒ දවස් ටිකේ ගත කළේ දෙව්ලොවද කියලත් හිතෙනවා... ඒ තරම්ම ලස්සනයි... නොවැරදීම උන්වහන්සේගේ ඉර්ධි බලයෙන් තමයි එය කරන්න ඇත්තේ. මිනිස් අතකින් නම් එතරම් ලස්සනට හදන්න බෑ.”

Comments Off on 7-9. ‍‍ඛදිරවනයේ රේවත තෙරුන්ගේ කථා වස්තුව

7-8. සැරියුත් තෙරුන්ගේ කථා වස්තුව

2020-03-18T14:02:21+05:30November 17th, 2018|07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“හපොයි... හපොයි... හරි වැඩක් නෙව! සාරිපුත්තයන් වහන්සේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක් වෙලත් තාම ශ්‍රද්ධාවටවත් එන්න බැරි වෙලා නෙව. එකත් එකටම බ්‍රාහ්මණ පවුලකින් ආපු නිසා තමයි ඔය ප්‍රශ්නෙ. නැත්නම් කොහොමද ඔහොම වුණේ....? මෙතෙක් කලක් ගතවෙලත් ශ්‍රද්ධාව නැතෙයි කියලා කිසි භයක් නැතුව කියපු හැටි!”

Comments Off on 7-8. සැරියුත් තෙරුන්ගේ කථා වස්තුව

7-7. කෝසම්බිවාසී තිස්ස තෙරුන්ගේ කථා වස්තුව

2020-03-18T14:02:09+05:30November 16th, 2018|07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“අනේ... ස්වාමීනී, ස්වාමීන් වහන්සේගේ වැරැද්දක් නෑ. මං මේ සිද්ධිය කිව්වේ ස්වාමීන් වහන්සේගේ හිත රිද්දන්න නෙවෙයි. ස්වාමීන් වහන්සේ නිර්දෝෂියි. මගෙත් වැරැද්දක් නෑ. මට ඒ මොහොතෙම හිතුණේ මේක තමයි සසරේ ස්වභාවය කියලා. ඒ නිසා ස්වාමීනී, විපිළිසර වෙන්න එපා. හැඬීමෙන් පලක් නෑ. අපි හිමින් හිමින් ගමන යමු.”

Comments Off on 7-7. කෝසම්බිවාසී තිස්ස තෙරුන්ගේ කථා වස්තුව

7-6. සාරිපුත්ත තෙරුන්ගේ කථා වස්තුව

2020-03-18T14:01:53+05:30November 14th, 2018|07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"සැරියුත් තෙරුන්ගේ සිතේ කිසි කලබලයක් නෑ. ඇහි බැම හැකිළුනේ නෑ. ඇස් ලොකු වුණේ නෑ. රවලා බැලුවේ නෑ. දත් සැපුවේ නෑ. කලබලෙන් අතපය සෙලෙව්වේ නෑ. කඩිමුඩියේ ඇවිද්දේ නෑ. හදවත වේගයෙන් ගැහුණේ නෑ. ගොත ගැහුණේ නෑ. දාඩිය දැම්මේ නෑ. හරි පුදුමයි! කිසිම වෙනසක් නෑ. හැම වෙලාවෙම එක වගේ.... මෙතරම්ම අමු බොරු කියද්දි වෙන කෙනෙක් නම් මොනතරම් වෙනස් වෙනවද?”

7-5. මහා කච්චායන තෙරුන්ගේ කථා වස්තුව

2020-02-14T22:08:14+05:30November 11th, 2018|07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පින්වත් මහණෙනි, එහෙම කියන්න එපා! මාගේ පුත්‍ර වූ මහා කච්චායනයන් සියලු ඉඳුරන් සංසිඳුවාගෙනයි ඉන්නේ.... ලාභ සත්කාර ගැන කිසිම අපේක්ෂාවක් නෑ. සක් දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජවරු දිව්‍යමල් වලින් කොපමණ පූජාවල් පැවැත්තුවත් මාන්නයක් ඇතිවෙන්නෙ නෑ. ආඩම්බරකමක් ඇතිවෙන්නෙ නෑ. "

Comments Off on 7-5. මහා කච්චායන තෙරුන්ගේ කථා වස්තුව

7-4. අනුරුද්ධ තෙරුන්ගේ කථා වස්තුව

2020-03-18T14:01:33+05:30November 11th, 2018|07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“හරි වැඩක් නොවැ.... හැම තැනම කෑම බීම ඉතිරිලා ගිහිල්ලා.... මහා විශාල උත්සවයකුත් නෑ. අනුරුද්ධ තෙරුන්ට සිවුර මැහීම විතරයි තියෙන්නේ.... ඒකට මෙතරම් උජාරුවක් ඕනෙද...? අපට හිතෙන්නේ අනුරුද්ධ තෙරුන්ට ඕන කමක් ඇති තමන්ගේ නෑදැයන් ලවා සැලකිලි සම්මාන ලබාගෙන අපට පෙන්නන්න. හනේ.... අපට ඕන නෑ....”

Comments Off on 7-4. අනුරුද්ධ තෙරුන්ගේ කථා වස්තුව

7-3. බෙල්ලට්ඨිසීස තෙරුන්ගේ කථා වස්තුව

2020-03-18T14:01:21+05:30November 6th, 2018|07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

‘මං හැමදාම පිණ්ඩපාතෙ වඩිනවා. රස දෙයක් ලැබුණත්, නීරස දෙයක් ලැබුණත්, හපලා ගිල්ලට පස්සේ වෙනසක් නෑ. තෙත දෙයක් ලැබුණත්, වේලිච්ච දෙයක් ලැබුණත් වැළඳුවාට පස්සේ ඇඟට ටිකක් පණ එනවා නම්, මට භාවනා කරගන්න ඒ ඇති. ඒ නිසා දානෙ පොඞ්ඩක් වෙනුවෙන් හැමදාම පිඬු සිඟා වඩින එකේ තේරුමක් නෑ.’

7-2. මහා කස්සප තෙරුන්ගේ කථා වස්තුව

2020-03-18T14:01:05+05:30October 20th, 2018|07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

හා...! හා...! පින්වත් මහණෙනි, මාගේ පුත්‍ර වූ මහා කස්සපයන්ට නම් මොකවත් කියන්න එපා...! කිසි දවසක දායක ගෙවල්වලින් ලැබෙන සත්කාර, සම්මාන වලට කස්සපයන්ගේ සිත ඇලුණෙ නෑ.... මහා කස්සපයන්ට නවතින්න කිව්වෙ මමයි! පින්වත් මහණෙනි, මහා කස්සපයන් පුන් සඳක් වගේ. අහසේ පායන පුන්සඳ හැමදාම අලුත්.

7-1. ජීවකට පිළිතුරු දීමේ කථා වස්තුව

2020-03-18T14:00:44+05:30October 18th, 2018|07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

දේවදත්ත හොරෙන්ම පර්වත මුදුනට නැගගත්තා. ලොකු කළු ගලක් තල්ලු කරගෙන ආවා. හරියටම බුදුරජාණන් වහන්සේගේ හිස මත අතහරින්න ඕන කියලා අර කළු ගල බුදු සිරස මතට අත්හැරියා. පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ අසත්පුරුෂයා හිතුවේ ඒක හරි ගියා කියලා. දේවදත්ත හනිකට පැනලා දිව්වා. නමුත් හරිම අසිරිමත් දෙයක් සිදුවුණා.

Go to Top