06 පණ්ඩිත වර්ගය

6-12,13,14. පන්සියයක් ආගන්තුක භික්ෂූන්ගේ කථා වස්තුව

2020-03-18T13:58:51+05:30October 10th, 2018|06 පණ්ඩිත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

වස්සානයෙන් පස්සේ ශාස්තෘන් වහන්සේව බැහැදකින්නට කැමැත්තක් ඇතිවුණා. ඉතින් ඔවුන් පිළිවෙලින් චාරිකාවේ වඩිමින් සැවැත් නුවරට පැමිණුනා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඔවුන් සියලු දෙනාගේ සිත්වල ධර්මාවබෝධයට ඇති හැකියාව බුදුරජුන් විසින් විමසා බැලුවා. ඔවුන්ගේ ධර්මාවබෝධය මුහුකුරා යන ආකාරයෙන් මේ ගාථාවන් වදාළා.

Comments Off on 6-12,13,14. පන්සියයක් ආගන්තුක භික්ෂූන්ගේ කථා වස්තුව

6-10,11. බණ ඇසූවන්ගේ කථා වස්තුව

2020-03-18T13:57:44+05:30October 9th, 2018|06 පණ්ඩිත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"ඒ සැවැත් නුවර හිටපු අය බණ අහන්න ගියේ කොතරම් ආසාවෙන්ද? නමුත් තමුන්වත් දන්නෙ නෑ තමුන් එතනින් විසි වෙලා ගිය හැටි. අන්න ඒකට තමයි පින්වල වෙනස කියලා කියන්නේ. ඔවුන්ට පින් මදිව තිබුණා. පින තිබුණු අයට පුළුවන් වුණා හිතේ අවුලට වෙනස් නොවී ඉන්න. පින මදි කෙනා සිතේ අවුලට යට වුණා. මේ නිසා තමයි මේ වෙනස්කම ඇතිවුණේ. මාර සෙනඟට වුනත් ඒ පිරිසව ආයෙමත් සසරට ඇදලා දාන්න පුළුවන් වුනේ ඒ නිසයි."

Comments Off on 6-10,11. බණ ඇසූවන්ගේ කථා වස්තුව

6-9. ධම්මික තෙරුන්ගේ කථා වස්තුව

2020-03-18T13:57:27+05:30October 7th, 2018|06 පණ්ඩිත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“ භික්ෂූන් වහන්සේලා මේ වාසනාවන්ත පවුල ගැන කතා බස් වුණා. ඇවැත්නි, ධම්මික උපාසක හරිම පින්වතෙක්. ඔහුටත් කරදරයක් නැතුව මහණ වෙන්න පුළුවන් වුණා. ඒ මහණකමත් සාර්ථකයි. පුතාත් මහණ කරගන්න පුළුවන් වුනා. පුතාගේ පැවිද්දත් සාර්ථකයි. බිරිඳත් මහණ වුණා. ඇයගේ පැවිද්දත් සාර්ථකයි. මුළු පවුලම නිවන් දැක්කා නෙව. මේක පුදුම වාසනාවක්නේ....”

Comments Off on 6-9. ධම්මික තෙරුන්ගේ කථා වස්තුව

6-8. පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව

2020-03-18T13:57:09+05:30September 28th, 2018|06 පණ්ඩිත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“අනේ බලන්න ඇවැත්නි, අපේ පන්සීයක් භික්ෂූන් වහන්සේලා කිසිම දානමානයක් නැතුව වේරඤ්ජාවේ ඉතාම නිශ්ශබ්දව වැඩසිටියා. මෙහෙ වැඩියට පස්සෙත් මෙතරම් ප්‍රණීත දානමාන ලැබිලත් ඒ නිහඬ බවින්ම වැඩඉන්නවා. මේ කොළුගැටව් එහෙම නෙවෙයි. වේරඤ්ජාවෙ ඉන්දැද්දී පූස් පැටව් වගේ හිටියා. ඉන්නවද කියලා හොයාගන්න බෑ. දැන් මේ බත් පොඞ්ඩක් කාලා සැවැත් නුවර එක දෙක කරනවා. හරිම පුදුමයි.”

6-7. කාණමාතාවගේ කථා වස්තුව

2020-03-18T13:56:54+05:30September 26th, 2018|06 පණ්ඩිත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“අනේ හැබෑට... වයසක උන්නාන්සේලා හතර දෙනෙක් කැවුම්වලට ආස කරන්න ගිහින් වෙච්ච හදියක්! අපූරුවට හිටපු කාණාවගේ ජීවිතය අවුල් කළා! ඇගේ වාසනාවට බුදුරජාණන් වහන්සේ වැඩහිටියා... සම්බුදු මහිමය නිසා ඇයට ශ්‍රද්ධාලාභය ලැබුණා. දැන් ගඟ ගලන්නැහේ ඇය දන් පුදනවා. භික්ෂු, භික්ෂුණීන් හිතුමනාපේ දන් වළඳනවා. සම්බුදු ගුණය නම් ඒකාන්තයෙන්ම ආශ්චර්යයි!”

Comments Off on 6-7. කාණමාතාවගේ කථා වස්තුව

6-6. ලකුණ්ටක භද්දිය තෙරුන්ගේ කථා වස්තුව

2020-03-18T13:56:36+05:30September 25th, 2018|06 පණ්ඩිත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"'හා..... පොඩිනම. ගෙදර යන්න හිතෙන්නෙ නැද්ද?' කියලා අහනවා. එතකොට ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේ අහිංසක විදිහට හිනා වෙනවා. භික්ෂූන් වහන්සේලා ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේට කේන්ති යන්නෙ නෑ කියලා හරියට ප්‍රශංසා කරනවා."

6-5. පණ්ඩිත සාමණේරයන්ගේ කථා වස්තුව

2020-03-18T13:55:58+05:30January 11th, 2018|06 පණ්ඩිත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඉතින් ඈත අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගය තිබුණා. උන්වහන්සේගේ ධර්මය ඇසූ බොහෝ අය අවබෝධයෙන්ම පින් කරන්න පුරුදු වුණා. පින්වල ඇති වෙනස්කම් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දීම නිසා තමයි කෙනෙකුට නියම විදිහට පින් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ ධර්මයේ මෙහෙම සඳහන් වෙනවා.

6-4. මහා කප්පින තෙරුන්ගේ කථා වස්තුව

2020-03-18T13:55:35+05:30December 29th, 2017|06 පණ්ඩිත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ, පින කියන්නේ මහා පුදුම දෙයක්. විස්මිත දෙයක්. පිනකට කරන්න පුළුවන් යහපත අප්‍රමාණයි. සසර පුරාවට සෙවණැල්ලක් මෙන් තමා පස්සෙන් එන්න මේ පිනට පුළුවන්. බොහෝ පින් කොට පින් බලයෙන්ම ශ්‍රේෂ්ඨ වුණු උතුම් සඟරුවනක් ගැනයි දැන් ඔබ දැනගන්නේ. උන්වහන්සේගේ නම මහා කප්පින.

Comments Off on 6-4. මහා කප්පින තෙරුන්ගේ කථා වස්තුව

6-3. ඡන්න තෙරුන්ගේ කථා වස්තුව

2020-03-18T13:55:17+05:30December 25th, 2017|06 පණ්ඩිත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

හප්පේ....! එදා මගේ ඇඟේ හිරිගඬු පිපුණා... ඕන දෙයක් වුණාවේ කියලා තමයි මාත් පිටත් වුණේ. මුළු ලෝකයක්ම නිදා සිටිය වෙලාවේ.... අහස පොළොව හැම දෙයක්ම නිහඬ වෙලාවේ.... හරි අසිරිමත් දෙයක් වුණා. අශ්පයාගේ කුර සද්දයවත් ඇහුනෙ නෑ! අනෝමා නදියේ දිය සිඳිලා තිබුණේ... අපි කරදරයක් නැතුව එතෙර වුණා... අපගේ ආර්ය පුත්‍රයන් වහන්සේ වෙන් වෙද්දී මගේ මුළු ලෝකයම කඩාගෙන වැටුණා... කන්ථක අශ්වයා හේසරාව කරමින් වැළපෙන්න පටන් ගත්තා. එදා තමුන්නාන්සේලා කොහෙද හිටියේ?

Comments Off on 6-3. ඡන්න තෙරුන්ගේ කථා වස්තුව

6-2. අස්සජි – පුනබ්බසුක භික්ෂූන්ගේ කථා වස්තුව

2020-03-18T13:54:45+05:30August 9th, 2017|06 පණ්ඩිත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

යහපත පිණිස අවවාද කරන අයට කැමති වෙන්න. එම අවවාදවලටත් කැමති වෙන්න. නිදහස කියන නාමයෙන් හිතුවක්කාර වෙච්ච සත්තු වගේ හැදෙන්න හොඳ නෑ. සතෙක් වුණත් වටින්නේ හික්මුණු තරමටයි. එහෙම නැත්නම් ඒ සතාගෙවත් වටිනාකමක් නෑ. ඒ නිසා අවවාදයට හික්මෙන කෙනෙක් වෙන්න.

Comments Off on 6-2. අස්සජි – පුනබ්බසුක භික්ෂූන්ගේ කථා වස්තුව
Go to Top