(1)

යෝ වදතං පවරෝ මනුජේසු
සක්‍යමුනී භගවා කතකිච්චෝ
පාරගතෝ බලවිරිය සමංගී
තං සුගතං සරණත්ථමුපේමි

කතා කරන මිනිසුන්ට උතුම් වූ
සක්‍යමුනී භගවත් මුනිඳුන් වූ
බුදු කිස නිම කළ – බල – වෙර පළ කළ
සසරින් එතෙරට වැඩි නිදුකාණන්
සුගත තථාගත බුදු සමිඳාණන්
සාදරයෙන් මම සරණ යමි

(2)

රාග විරාග මනේජ මසෝකං
ධම්මමසංඛත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං
ධම්මමිමං සරණත්ථමුපේමි

රාග කිසිත් නැති – සෝක කෙලෙස් නැති
පිළිකුල් බව නැති – අසංඛතයි සදහම්
මැනවින් පවසන – හොඳින් ප්‍රගුණ වන
මිහිරි උතුම් සදහම් – සාදරයෙන් මම සරණ යමි

(3)

යත්ථ ච දින්න මහප්ඵලමාහු
චතුසු සුචීසු පුරිසයුගේසු
අට්ඨ ච පුග්ගල ධම්මදසාතේ
සංඝමිමං සරණත්ථමුපේමි

යමෙකුට පිදුවොත් මහඵල ලැබ දෙන
සදහම් තුළ සිටි බුදු සව් සැමදෙන
උතුම් පුරුෂයින් යුගළ සතර දෙන
පුද්ගලයින් ලෙස වෙත් ම ය අට දෙන
ඒ උත්තම ශ්‍රාවක සඟරුවන ද
සාදරයෙන් මම සරණ යමි

සාදු! සාදු!! සාදු!!!