සිත නිවන දම් අමා
බුදුවරුන්ට අයත් ප්‍රශංසාව පුහුදුන් මිනිසුන්ට ආරෝපණය කිරීම සුදුසු ද?
බුදුවරුන්ට අයත් ප්‍රශංසාව පුහුදුන් මිනිසුන්ට ආරෝපණය කිරීම සුදුසු ද? “දුල්ලභෝ පුරිසාජඤ්ඤෝ - න සෝ සබ්බත්ථ ජායති යත්ථ සෝ ජායති ධීරෝ - තං කුලං සුඛමේධතී’ති. ආජානීය මහා පුරුෂයා - ඉතා දුලබ ය මේ ලොව හැම තැන [...]
භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් ‘බුද්ධ රත්නය’ වන සේක් ද?
රත්න දෙවර්ගයෙකි. අවිඥානික රත්නය ය, සවිඥානික රත්නය ය වශයෙනි. මෙහිලා නිල්, රතු ආදී අනේක මාණික්‍යයන් ද දියමන්ති, වෛදූර්යාදී මාණික්‍යයන් ද විඥානයෙන් තොර හෙයින් එවන් මාණික්‍යයන් අවිඥානික රත්න නම් වේ. ඇස්, කන් ආදී ඉඳුරන් සහිත, [...]
අනාවැකි පිළිබඳ බෞද්ධ මතය
අද වෙසක් පුන් පොහෝ දා ය. ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ගෙවී ගොස් 2565 වෙනි වසර ලබනුයේ අද ය. අද පටන් බෞද්ධයන්ගේ නව වසර ඇරඹෙයි. සාමාන්‍යයෙන් ව්‍යවහාරික ලෝකයේ සම්මත වසරක් අවසන් ව නව වසරක් ලබනවිට බොහෝ මාධ්‍ය මගින් කතාබස් කරනුයේ ලබන නව වසර තමාට මෙන් ම රටට හා ලෝකයටත් කෙසේ බලපාන්නේ ද යන කරුණ ය. ඒ සඳහා බොහෝ අනාවැකිකරුවන් භාවිත කරනු ලබන්නේ ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්තයන් ය. නැතහොත් ගණිතමය සිද්ධාන්තයන් ය. මේ අතරට යම් යම් ආගමික ක්ෂේත්රයන්හි නියෝජිතයන් ද ඉදිරිපත් ව අනාවැකි පවසන අවස්ථා මෙකල දක්නට ලැබෙයි.
උතුම් තිසරණයට අනතුරු නොකර ගනිත්වා!
“මහණෙනි, අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගත තෙමේ නූපන් නිවන්මග උපදවන්නා ය. නොහටගත් නිවන්මග හටගන්වන්නා ය. දෙව්මිනිස් කිසිවෙකු නොපවසන ලද නිවන් මග පවසන්නා ය. නිවන් මග මැනැවින් දන්නා ය. නිවන් මග මැනැවින් අවබෝධ කළ කෙනා ය. [...]
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?
බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින් තාම පෘථග්ජනයො නොවැ’ යනාදී වශයෙන් ඔවුහු පවසති. නමුත් පෘථග්ජන යන්නෙහි සැබෑ අර්ථය දනිත් නම් ඔවුහු කිසි දිනක තමා උදෙසා පෘථග්ජන යනුවෙන් ව්‍යවහාර කරන්නට හෝ පෘථග්ජන භාවය තුළ රැඳී සිටීමට හෝ කැමති නොවනු ඇත. අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෘථග්ජනයාව හඳුන්වනු ලබන බොහෝ අවස්ථාවල දී (අස්සුතවා පුථුජ්ජනෝ) අශ්‍රැතවත් පෘථග්ජනයා යන පද යුගලය ම භාවිත කොට තිබේ.....
ඔබත් මගඵල ලබනු කැමති ද? එසේ නම් මෙයත් දැනගන්න.
ඔබත් මගඵල ලබනු කැමති ද? එසේ නම් මෙයත් දැනගන්න. මෙකල ලෝකයේ කිසිම බෞද්ධ රටක අඛණ්ඩව පැවතගෙන එන රහත් සඟපරපුරක් නැත්තේ ය. එසේ ම අවශේෂ මගඵල ලාභී සඟ පරපුරක් ද නැත්තේ ය. මේ හේතුව නිසා ම මගඵල ලැබීමේ අදහසින් භාවනා කරන යෝගීන් නොයේක් ආකාරයේ මුළාවන්ට පත්වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබේ. එය අවංකව ධර්මයේ හැසිරෙන යෝගීන්ගේ වරදක් නොවේ. ශාස්තෘ ශාසනය වන ධර්මයටත් විනයටත් මුල්තැන දීම වෙනුවට පුද්ගලික මගපෙන්වීම්වලට මුල් තැන දීමෙන් සිදුවන හානියකි.
කිරිමුත්තා කිව්වා මෙසේ….
තොපි සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවිතේ ගැන හිතපං. කිසි කෙනෙකුගෙන් පලිගන්ට යන්ට එපා. අණවින කොඩිවින හදිහූනියම් කරන්ට එපා. අනුන්ට ඉනාපනා දෙන්ට එපා. උගුල් අටවන්ට එපා. පේස් බොකුවලින් වලත්ත වැඩවලට පැටලෙන්ට එපා. අනුන්ට ගරහ ගරහා මඩ ගසන්ට එපා.
නෙත් පසකින් වැඩ සිටියෝ අප මුනිඳාණෝ….
අනේ අපගේ ඒ භාග්‍යවතුන් වහන්සේ පස් පැහැ දිස්නා නෙත් සඟළින් යුතුව, දිව්‍ය නේත්‍රයෙන් යුතුව, ප්‍රඥා නේත්‍රයෙන් යුතුව, බුද්ධ නේත්‍රයෙන් යුතුව, සර්වඥ නේත්‍රයෙන් යන මේ පංච නේත්‍රයෙන් යුතුව වැඩ සිටියා නොවැ. අනේ ඒ මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා!
නෙත් පසකින් වැඩ සිටියෝ අප මුනිඳාණෝ….
එදා වෙසක් සඳ පායා ආ දවසක්. ආකහේ නැගී ගිය පුන්සඳ වටකුරුවට දිලිහී ගියා. තරුකැට නිවි නිවී දැල්වී ගියා. සුවඳ දිදී හමා ගියා සිහිල් පවන්. එදා තව්තිසාවේ සුධර්මා නමැති මැණික් පහයේ දෙව්සභාව රැස්වුණා. සිව්වරම් මහා දෙව්රජවරු [...]
තිසරණයේ අනුහසින් රැකුණු නන්දිය සිටුවරයා
පින්වතුනේ, පින්වත් දරුවනේ, සරණ කියන්නේ හැබෑම රැකවරණයක්. ගින්නට ළං නොවන මැස්සන් වගේ හොඳින් තිසරණයෙන් රැකවරණය තිබෙන කිසි කෙනෙක් ළ ඟට අනතුරු ළං වෙන්නේ නෑ. නන්දිය උපාසක බේරුනේම තිසරණ ආනුභාවයෙන් ම යි. නන්දිය සිටුවරයා ඉතා සුවසේ ගෙදර පැමිණියා. බිරිඳ තමන්ට සිදු වූ සියලු බලපෑම් ගැන විස්තර කළා. ඔවුන් සුවසේ පින් දහම් කරගෙන සිල් ගුණදම් රැකගෙන මිනිස් ලොවින් සමුගෙන දෙවියන් අතර උපන්නා.