ලෝ ප්‍රකට අජාන් චා ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක් වශයෙන් තායිලන්තයේදී උතුම් පැවිදි බිමට පත්ව එංගලන්තයේ අමරාවතී බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩවසමින් බටහිර ලෝකය තුළ බෞද්ධ භාවනා ක්‍රම ප්‍රචලිත කරන්නට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ “The Sound of Silense” ආදී ලෝප්‍රකට භාවනා ග්‍රන්ථ රැසක කතුවරයාණන් වහන්සේ වන අතිපූජනීය අජාන් සුමේධෝ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පසුගිය දෙසැම්බර් 12 වන දින සවස 6.30 සිට 8.30 දක්වා කඩුවෙල හේවාගම මහමෙව්නාව භාවනා අසපුවේදී ඉංග්‍රීසි බසින් ධර්ම දේශනයක් සහ ධර්ම සාකච්ඡාවක් පවත්වන්නට යෙදුනි.