මාරාන්තික වකුගඩු රෝගය හේතුවෙන් පීඩාවට පත් අප මාතෘ භූමියේ වෙසෙන සුවහසක් ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස ශ්‍රද්ධා සමාජ සත්කාර අංශය මගින් ක්‍රියාත්මක කෙරෙන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ක්‍රියාත්මක කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මැදවච්චිය, පුල්එළිය ගම්මානයේ ඉදි කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම 2017-12-09 වැනි දින සිදු විය.

ජීවිතයක් දන් දීම හා සමාන මෙම උතුම් පුණ්‍ය සත්ක්‍රියාවෙන් රැස් වන්නා වූ සියලු පින් මේ සියලු කටයුතු සඳහා නිබඳ ආශිර්වාද කරනා අපගේ ගුරුදේවෝත්තම කල්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී ලෝකවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කරත්වා!

එමෙන්ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථාන සඳහා සැදැහැති දායකත්වය ලබාදුන් JOIN TOGETHER SOCIETY – SOUTH KOREA ආයතනයේ පින්වත් සියලු දෙනාටත්, නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටත් දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා! නිදුක් නිරෝගී සුවපත්භාවයෙන් යුතුව සුවසේම උතුම් ධර්මාවබෝධය කිරීමේ දුර්ලභ වූ වාසනාව ලබත්වා!