මෙම ධාතු ප්‍රදර්ශනයේ මූලික අරමුණක් වන්නේ ගර්භණීව සිටින මාතාවන්ටත් සිඟිති දූදරුවන්ටත් සෙත් පැතීමයි. ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන කාල සීමාව තුළ දිනපතා උදෑසන 8 සිට 9 දක්වාත් දහවල් 1 සිට 2 දක්වාත් රාත්‍රී 7 සිට 8 දක්වාත් අංගුලිමාල පිරිත සජ්ඣායනා කොට ගර්භණී මාතාවන්ට පිරිත් පැන් බෙදාදීම ද සිදු කෙරෙනවා. අද දින මල් සැරසිලි, පූජා ද්‍රව්‍ය පිළියෙල කිරීම හා අත්‍යාවශ්‍ය සේවා සපයන පින්වතුන් සඳහා ආහාර පාන සැපයීම සිදු කරනු ලබන්නේ කඩුවෙල හේවාගම මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ සැදැහැවතුන් හා ගෞතම දරුවෝ යොවුන් ශ්‍රාවක දරුදැරියන් විසිනුයි. මෙම ධාතු ප්‍රදර්ශනය මෙම මස 23 වන දින තෙක් පුරා සතියක් පැවැත්වීමට නියමිතයි.
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, මහා අනුකම්පා ඇති, නිකෙලෙස් ගුණයෙන් බබළමින් වැඩසිටි ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය අද දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගයේදී ආරම්භ වුනා. අද පෙරවරු 5 ට මෙම උතුම් ධාතූන් වහන්සේලා ශබ්ද පූජාවන් මධ්‍යයේ සම්බුද්ධ රාජ මාලිගයේ විශේෂයෙන් සකසන ලද ධාතු මණ්ඩපයට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් වැඩම කරන්නට යෙදුනා. ඉන් අනතුරුව පැමිණ සිටි ගිහි පිරිස පංච සීලයෙහි පිහිටුවා කෙටි අනුශාසනාවකින් අනතුරුව පිළියෙල කරන ලද කිරි ආහාර ඇතුලු විශේෂ පූජා ද්‍රව්‍යයන් භාග්‍යවතුන් වහන්සේ උදෙසාත් අංගුලිමාල මහරහතන් වහන්සේ උදෙසාත් පූජා කළා.
Mahamevnawa Monastery2018-10-30T13:19:07+05:30October 17th, 2015|News, නවතම පුවත්|Comments Off on අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය