අද දිනත් මහමෙව්නාවේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් උදෑසන 8 සිට 9 දක්වාත් දහවල් 1 සිට 2 දක්වාත් රාත්‍රී 8 සිට 9 දක්වාත් ගර්භනී මාතාවන්ට සෙත්පතා අංගුලිමාල පිරිත සජ්ඣායනා කොට පිරිත් පැන් හා පිරිත් නූල් ලබාදෙනු ලැබුවා. අද දින මල් සැරසිලි හා පූජා ද්‍රව්‍ය පිළියෙල කිරීම සිදු කරනු ලැබුවේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා සහ උපස්ථාන කමිටුවේත් යොවුන් බෝධිඥාන සභාවේත් පින්වතුන් විසිනුයි. එම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ගිහි පින්වතුන් සියලු දෙනාටමත් නිදුක් නීරෝගී සුවපත් භාවය පිිණිස, උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා! අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, මහා අනුකම්පා ඇති, නිකෙලෙස් ගුණයෙන් බබළම… Posted by Mahamevnawa Buddhist Monastery on Saturday, October 24, 2015